පොහොය දිනය අදයි… කලාපය 1 පිටුව 19

බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දහම් මගට යොමු කිරීම , ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කරවීම සහ සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පිළිගැන්විම යන කරුණු මුල් කරගෙන බෞද්ධයෝ දුරුතු මස පොහොය දිනය සමරති.

ලංකා ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් ලෙස බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම සැලකේ.ක්‍රි.පූර්ව 6 වන සියවසයේ දී බුදුවීමෙන් පසු එළඹි නවවන පෝ දා උරුවේල දනව්වේ තුන් බෑ ජටිලයන් ප්‍රධාන ජටිලයන් දහසක් දමනය කළ උන්වහන්සේ ලක්දිවට වැඩම කළබව කියැවේ.

මේ වන විට ලක්දිව යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් වාසය කළ බව කියැවෙන අතර යක්ෂයන බලවත්ව සිටි බවත් කියැවේ.යාදව යනුවෙන් ද ඔවුන් හැඳින්වුණු අතර නාග ගෝත්‍රිකයන් මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසි පිරිසක් වේ.

මෙම දෙපිරිස අතර කාලාන්තරයක් තිස්සේ පැවති අසමගිය දුරු කළ යුතු බව බුදුන් වහන්සේ දුටු අතර සුමන සමන් දෙවියන් ද ඒ සඳහා ආරාධනා කළ බව කියැවේ.

යක්ෂයන් විසින් මහියංගන මහවැලි ගංඉවුර අසල පිහිටි මහානාග වනෝද්‍යානයේ රැස්වීමක් පවත්වමින් සිටින අවස්ථාවේ එතැනට වැඩම කළ බුදුන් වහන්සේ එපිඑස මැද අහසෙහි වැඩ සිට අව්වැසි, සුළං හා කුණාටු මවා ඔවුන් බියට පත් කළහ.බියට පත් යක්ෂයෝ බුදුන්ගෙන් සමාව ඉල්ලු අකර බුදුන් දෙපිරිස කැඳවා සමාදාන කළහ.

එසේ ම මෙහිදී යක්ෂ පිරිස ගිරි දිවයිනට පලවා හැර එම බිම ශුද්ධ භුමියක් බවට පත් කළ බවද කියැවේ .මහියංගන චෛත්‍යය පිහිටියේ මෙම යක්ෂයන් දමනය කළ ස්ථානයෙ බවද කියැවේ.

එදිනම නැවතත් උරුවේල දනව්වට වැඩම කළ උන්වහන්සේ

එහිදී උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන්ට අනන්ත ලක්ඛන සූත්‍රයෙන් දහම් දෙසා ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කළහ.ඒ සියලු දෙනා මාර්ගඵල ලාභීන් වූහ.

මහියංගණයේ දී යකුන් පළවා හැඑ පසු එතැනට ආ දේව බ්‍රහ්ම පිරිස අතර වූ සුමන සමන් දෙවියන් විසින් දහම් අසා සෝවාන් ඵල ලැබූ අතර පූජා වස්තුවක් ලබා ගැනීමට කැමත් බව බුදුන් වහන්සේට පැවසීය.බුදුන් වහන්සේ ඒ අනුව හිස පිරිමැද කේශධාතු මිටක් පිරිනැමූ බවත් ඒ වස්තුව රන් කරඬුවක බහා කේශධාතු නිධන් කර එම ස්ථානයේ සත්රියනක් උස චෛත්‍යයක් ඉදිකළ බවත් කියැවේ.

ලොව ප්‍රථම බෞද්ධ සංකේතය බව කියැවෙන මහියංගණ ථූපායහි එම කේශ ධාතු නිදන්ව ඇත.එසේ ම බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රීවාස්ථ ධාතුව මෙහි ගෙනැවිත් කේශධාතුවලට අමතරව නිදන් කොට පිළිසකර කරවා දොළොස් රියන් උසට සෑය බැන්දවු අතර ධාතු රැගෙන වැඩම කළේ සරගු නම් රහත් හිමි විසිනි.පසුව එය වරින් වර ප්‍රතිසංස්කරණයට ලක් වී තවතවත් විශාල විය.

සිරිසඟබො කුමරුගේ මාමණ්ඩිය වූ නන්ද හාමුදුරුවන් විසින් කුමරුට අවවාද අනුශාසනා දී රජකමට සුදුස්සකු බවට පත් කරන ලද්දේ ද මේ මාසයේ දීව .එය සිදු කරන ලද්දේ ද මහියංගන චෛත්‍යය අසලදීය.

කැලණි විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වෙන්නේ ද දුරුතු පොහොය කේන්ද්‍ර කරගනිමිනි.

පහත ලිපිය අනිවා.lk වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

දුරුතු පොහොය දිනයෙදී සිදුවූ වටිනා සිද්ධි 4ක්

 

 

duruthu1
ඕනෑම වසරක මුල් මාසය එනම් ජනවාරියේ යෙදෙන පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට බොහොම වැදගත් එකක් වන්නේ, එය නව වසරක ප්‍රථම පොහොය දිනය වන නිසායි. ඉතින් මේ කියන්නට යන්නේ වසර පළමු පොහොය වන හෙට උදා වෙන දුරුතු පුන් පොහොය දිනය ගැන ඔබ දැනගත යුතු තොරතුරු කිහිපයක් කෙටියෙන්.

 1. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සහ යක්‌ෂ හා නාග අරගලය.

duruthu2
Source – dzone.lk

ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමේ මහියංගනය පිහිටා ඇති අතර, මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් එකල හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක.

2. බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය.

duruthu3
Source – ft.lk

දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ජනී ජනයාට වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් ඉල්ලා සිටි අතර, බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් සමන් දෙවියන් හට පරිත්‍යාග කළහ.

3. මහියංගන චෛත්‍යය ඉදිකිරීම

duruthu4
Source – flickr.com – Amila Tennakoon

සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ ඒ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට මහා සෑයක් කරවීය. එය බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද ඉතිහාස කතා පොත් වල කියවෙයි.
තවද බුදුන් වහන්සේ පිරිනිවනෙන් පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන්ගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි එම සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැද වූ බව සැලයි. වසර 2500කටත් පෙර තැනවූ මේ චෛත්‍ය කර්මාන්තය ලොව රහතන්වහන්සේ නමක් නිමකළ මිලම සහ එකම චෛත්‍යයද වෙයි.
ඉන් පසුවත් වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළ බව ඉතිහාසයේ කියවෙයි.

4. ප්‍රථම ආරාම පුජාව

duruthu5
Source – kassagemassa.blogspot.com

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පස්සේ මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එදාඅ දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළා.

තවත් ලිපි

http://dhammacakka.weebly.com/350335403515354035013540-35083548352435483514.html

http://dhamma.ifbcnet.org/%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%b4%e0%b7%9d%e0%b6%ba-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab/

Advertisements

මතක පොතෙන් ..කලාපය 1 පිටුව 10(2)

අප පළමු කොටසින් කතා බහ කළේ ජනවාරි මස පළමු වැනි දා ඉතිහාසයේ සිදු වී ඇති දේ පිළිබඳවයි.
මේ සංස්කාරකගේ උසස්පෙළ ව්‍යාපෘතියට අදාළව රචනා කරන ලද ග්‍රන්ථයේ පිටු කිහිපයක්.

මේ දිවයින ඉරිදා සංග්‍ර්‍රහයක ජනවාරි මස විස්තර කර ඇති අයුරුයි.

ජනවාරි මාසයේ අසිරිය!

රෝම දේව කතාවල එන පරිදි “දොරවල් සහ ගේට්‌ටු” වලට අධිපති දෙවියාගේ නම ජානුස්‌ ය; එසේම ආරම්භයේ සහ අවසානයේ දෙවියන්ද ජානුස්‌ ය; යුද්ධයට අධිපති දෙවියන් ද ජානුස්‌ ය. එකී ජානුස්‌ දෙවියන්ගේ නමින් හැඳින්වෙන ජනවාරි මාසය ඉපැරැණි රෝම කැලැන්ඩරයේ 11 වැනි මාසයයි. ක්‍රි. පූ. 2 වන සියවස වැනි විට රෝම කැලැන්ඩරයේම පළමුවැනි මාසය බවට ජනවාරි පත් විය. ජානුස්‌ දෙවියන්ගේ නමේ තේරුමට අනුව යමින් නව අවුරුද්ද ජනවාරි 1 වැනිදායින් ඇරඹූ රෝම වැසියෝ එදින එම දෙවියන්ට විවිධ පුද පූජා පැවැත්වූහ. පුරාතන රෝමයේ ජානුස්‌ දෙවියන් වෙනුවෙන් සාදන ලද අතිවිශාල දෙවොලක්‌ වූ අතර එහි දොරටු දෙකක්‌ සහ ඒවා අසල ජානුස්‌ දෙවියන්ගේ ප්‍රතිමාව බැගින්ද විය. මේ ප්‍රතිමා දෙකෙහි ප්‍රතිවිරුද්ධ අතට අඹන ලද මුහුණු දෙක බැගින් විය. දොරටු දෙකෙන් එකක්‌ නැගෙනහිර පැත්තටත්, අනෙක බස්‌නාහිර පැත්තටත් සාදා තිබිණ. රෝමය වෙනත් රටක්‌ සමග යුද වදින හැමවිටකම මේ දොරවල් දිවා රාත්‍රිය මුළුල්ලේ ම විවෘත කර තැබූ අතර යුද්ධ නැති විට ඒවා වසා තිබිණ.

ක්‍රි. ව. 1502- 1585 අතර ජීවත් වූවා වූද 1572 දී පාප් තනතුරට පත් වුවා වූද ඉතාලියේ 13 වැනි ග්‍රෙගරි පියතුමා වර්තමාන කැලැන්ඩරය නිර්මාණය කළේය. ඔහු එය කළේ එතෙක්‌ පැවැති රෝම කැලැන්ඩරයට ප්‍රතිසංස්‌කරණ කිහිපයක්‌ හඳුන්වා දෙමිනි. සාමාන්‍ය අවුරුදුවල ජනවාරි මාසය පටන් ගන්නේ ඔක්‌තෝබර් මාසය පටන් ගන්නා දවසෙනි. අධික අවුරුදුවල ජනවාරි මාසය පටන් ගන්නේ අප්‍රියෙල් සහ ජුලි මාස පටන් ගන්නා දවසෙනි. සාමාන්‍ය අවුරුද්දකදී ජනවාරිය අවසන් වන්නේ පෙබරවාරි සහ ඔක්‌තෝබර් අවසන් වූ දවසෙනි. අධික අවුරුද්දක ජනවාරිය අවසන් වන්නේ ජුලි මාසය අවසන් වන දවසෙනි. මෙය සංඛ්‍යාත්මක රටාවකි.

උදා – 2011 සාමාන්‍ය වර්ෂය

ජනවාරි මාසය පටන් ගන්නේ සෙනසුරාදා දිනකය.
ඔක්‌තෝබර් මාසය පටන් ගන්නේ සෙනසුරාදා දිනකය.
ජනවාරි අවසන් වන්නේ පෙබරවාරි,
ඔක්‌තෝබර් අවසන් වන සඳුදා දිනකය.

2012 අධික අවුරුද්ද

ජනවාරි මාසය පටන් ගන්නේ ඉරිදා දිනකය
අප්‍රියෙල් මාසය පටන් ගන්නේ ඉරිදා දිනකය
ජුලි මාසය පටන් ගන්නේ ඉරිදා දිනකය
ජනවාරිය අවසන් වන්නේ ජුලි මාසය අවසන් වන අඟහරුවාදා දිනකය.

සංඛනාද වෙදගෙවත්ත
මූලාශ්‍රය – Funk and Wagnalls විශ්වකෝෂය