මතක පොතෙන්….                 1 කලාපය-අවසාන පිටුව

Advertisements

මතක පොතෙන්…

1954 ජන 17 කොතලාවල-නේරු ඉන්දු ලංකා පුරවැසි ගිවිසුම අත්සන් තැබුණා.

මේ ඒ පිළිබඳ මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අදහසක්…

නේරු – කොතලාවල ගිවිසුමෙන් සිදු වූයේ කුමක් ද ? 


ඒ ගිවිසුම ඇති වූයේ මේ වතු කම්කරුවන් පිළිබඳ වයි. එහි දී තීරණය වූයේ 1966 වන තුරු ඔවුන් වෙන ම ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි කරවීමටත් ඔවුන් ගෙන් මන්ත‍්‍රීවරු පිරිසක් තෝරා ගැනීමටත් ය. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අනුව මේ මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 4 ලෙස තීරණය කෙරුණා. ඒ ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි නොවන අය ඉන්දියාවේ පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වුණා. එමෙන් ම ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි වූ අය පවා, ඔවුන්ට ඉන්දියාවට යෑමට අවශ්‍ය වුණි නම්, ඉන්දියාව තම පුරවැසියන් ලෙස ලියාපදිංචි කරවීමට එකඟ වූවා. මෙම ගිවිසුමේ වැදගත් ම මූලධර්මය වූයේ 1954 දී පවා ඒ වතු කම්කරුවන් සියලූ දෙනා ම වුවත් ඉන්දීය පුරවැසියන් ලෙස බාරගැනීමට ඉන්දියාව එකඟ වීමයි. වතු කම්කරුවන් සියලූ දෙනාට ම ඉන්දියාවට යෑමට අවශ්‍ය වුණි නම් ඔවුන් තම පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වී සිටියා. එයින් තහවුරු වන්නේ 1948 දී ඔවුන්ට ලංකාවේ පුරවැසිභාවය දීමට එකඟ නොවීම අසාධාරණයක් නොවන බවයි. ඇත්තෙන් ම මේ ප‍්‍රශ්නය 1948 දී ම ඉන්දියාව සමග සාකච්ඡුා කළා නම් පහසුවෙන් ම විසඳාගන්න තිබුණා. 1948 දී වතු කම්කරුවන් සියලූ දෙනාට ම වුවත් පුරවැසිකම ලබාදීමට කැමති වූ ඉන්දියාව 1964 සිරිමා – ශාස්ත‍්‍රී ගිවිසුමේ දී සියල්ලන්ට ම පුරවැසිකම් දීමට එකඟ වුණේ නැහැ.

මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවීමට අවශ්‍ය නම් …

http://www1.kalaya.org/2016/03/1_18.html?m=1

1993 ජන 17 -සුප්‍රකට පඬි රුවනක් වූ අතිපූජ්‍ය බද්දේගම ශ්‍රී විමලවංශ මහා නාහිමි අපවත් වී වදාළහ.

උන්වහන්සේ පිළිබඳ ලියැවුණු මෙම ලිපිය ගොඩගේ ප්‍රකාශනයක් වන පූජිත ජීවිත ග්‍රන්ථයෙනි.

 

1824 ජන 17– ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ තෝමස් මේට්ලන්ඩ් මිය ගියා.

රාජ්‍ය නීතිය ක්‍රියාවේ යෙදවීම ඇතුළු විශේෂ සේවා ගණනාවක් මෙතුමා අතින් සිදු විය. සිවිල් සේවය කොටස් තුනකට බෙදීම, සිවිල් සේවකයින්ට ඔවුන්ගේ ඉඩම් වල වගා කටයුතු කිරීමට ඉඩ   සැලසීම,කොළඹ,ගාල්ල,හලාවත,පුත්තලම,මඩකලපුව,ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අධිකරණ ශාලා පිහිටුවීම මෙතුමා අතින් සිදු වූ සේවා අතර වේ.

1961 ජන 18 – පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩකටයුතු සිංහල භාෂාවෙන් ආරම්භ කෙරුණා.

1.ඉරානයේ ෂා රජුට කුමක් සිදුවිණි ද? 2.ළමයින් සඳහා නිර්මාණ කළ හියුබත් දිසානායක සූරීන් ..මතක පොතෙන්…

1979 ජනවාරි 16 දා ඉරානයේ අවසන් රජු වූ ෂා රජු ඊජිප්තුවට පළා ගියා.

මෙම සිදුවීම පිළිබඳ බ්ලොග් අඩවියකින් උපුටාගත් කරුණු පහත දැක්වේ.

1979 වසරේ අද වැනි දවසක ඉරාන රාජ වංශයේ අවසාන රජු , එනම් ෂා රජු ඉස්ලාමීය අරගලය හමුවේ බියවැද ජීවිතාරක්ෂාව පතා ඉරානයෙන් පලා යයි. ටෙහෙරානයෙන් පිටව යන ෂා රජු සහ ඔහුගේ භාර්යාව වූ ෆාරා ඩිබා අධිරාජිණිය ඊජීප්තුවේ අස්වාන්හි රැකවරණ ලැබූහ.

පර්සියානු බසින් ෂා ( Shah) යන යෙදුමේ අර්ථය වන්නේ ඉරාන රජු හෝ රජුන්ගේත් රජ යන්නය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලෝ සෝවියට් ආක්‍රමණිකයන් විසින් එවකට ඉරානය පාලනය කළ රීසා ෂා රජුව (Reza Shah) පළවා හරින ලදි. ඔහුගේ පුත් කුමරු වූ මොහොමඩ් රීසා ෂා පහ්ලවි (Mohammad Reza Pahlavi) 1941 වසරේ දී එනම් වයස අවුරුදු 22 දී ඉරානයේ රජු ලෙස කිරුළු දරයි. ඔහු ඉරානය සැබෑ වෙනසකට ලක් කළ රජෙක් ලෙස අවිවාදිතව හැඳින්විය හැකි ය. රට නවීකරණය කිරීම සහ තෙල් සමාගම් පුද්ගලීකරණය කිරීම සිදුවන අතරවාරයේ ඔහු සතුව වෙනත් දැවැන්ත සංවර්ධන අරමුණු ද විය. ඔහුගේ තෙවැනි බිරිඳ වූ ෆාරා ඩිබා රැජිණ (Farah Diba) හට අසීමිත බලයක් හිමිව තිබූ අතර ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් වඩාත් නිදහස් ස්වරූපයකින් කටයුතු කළා ය. බටහිරකරණයට නැඹුරුව සිටි බැවින් ඇය විටෙක ෆර්දාව පැළඳීමෙන් ද වැළකී සිටියා ය.

මේ සියලුම සිදුවීම් අතරවාරයේ ෂියා මුස්ලිම් ව්‍යාපාරිකයින් ෂා රජු කෙරේ කලකිරෙන්නට විය. රජු ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට ගැති බවට රට තුළින් ම චෝදනා නැගිණ. ආග්‍රාමාත්‍ය මොහොමඩ් මොසක්ඩෙක් ද ෂා රජුට පිටුපා ගිය අතර වරින්වර ඉස්මතු වන කොමියුනිස්ට් විරෝධතා මර්දනය කිරීමට රජුගෙන් අණ ලැබිණ. 1971 වසරේ පැවති ඉරාන රාජ්‍යයේ දෙදහස් පන්සිය වැනි සංවත්සර සැමරුම ෂාහ් රජුගේ පාලනයේ කණකොකා බවට පත් විය. ඇමරිකානු ඩොලර් මිලියන සියයක් ඉක්මවා වියදම් කර මහේශාඛ්‍ය උත්සවාංගනයක් සහ සංදර්ශනයක් දියත් විණ. එම උළෙලේ වූ සියලුම කටයුතු බටහිරකරණයට ලක්ව තිබූ අතර ලොව කිසිදු රටකට නොදෙවෙනි ලෙස එය සංවිධාන කර තිබිණ. මේ වියදම් පිළිබඳව නැගෙන විරෝධය නොතකා තම දැඩි මතයේ ම රැඳී හුන් ෂා රජු එම සංවත්සරය පිළිබඳ මහත් තෘප්තියෙන් පසුවිය.

1976 වර්ෂයේ දී ඉරානයේ සම්ප්‍රදායික දින දර්ශනයට අත තබන ෂා රජු එතෙක් පැවති වසරේ පළමු දිනය වෙනස් කරයි. එතෙක් පර්සියානු දින දර්ශනයේ වසරේ පළමු දිනය ලෙස සැලකුණේ ශුද්ධ වූ මහම්මුද්තුමා මක්කම සිට මදීනාව වෙත සංචාරය කළ දිනය ය. නමුත් පර්සියාවේ ආරම්භක රජු වන මහා සයිරස් රජුගේ උපන් දිනය වසරේ පළමු දිනය ලෙස නම් කරන ෂා රජු තම රාජ්‍යත්වයේ මිනී පෙට්ටියේ අවසාන ඇණය තමා අතින් ම ගසා ගැනීමට කටයුතු කළේ ය. සම්ප්‍රදාය සහ ආගමික විශ්වාස සමග රජු දක්වන මුරණ්ඩුභාවයෙන් කුපිත වන රටවැසියන්ගේ විරෝධතා මැඩපැවැත්වීමට නොහැකි තැන හෙතම ඊජිප්තුවට පලා යන්නේ ය. ඊජිප්තු ජනපතිව සිටි අන්වර් අල් සදාත් තම ඉරාන මිතුරා වෙත පිහිට වෙයි. 

නමුත් කිරුළ අහිමි වීමත් සමගම ෂා රජු ට අත්වන්නේ නොපැතූ අවාසනාවන්ත ඉරණමකි. මොරොක්කෝවේ සහ බහාමාස් හි වරින් වර සැඟවෙමින් ජීවත් වූ ඔහු ඇතුළු රජ පවුලට ඇමරිකාවේ දොරගුළු විවර වන්නේ නැත. එතෙක් මිතුරෙකු ව සිටි ජනපති ජිමී කාටර්ගෙන් ඔවුන් වෙත කිසිදු සහයෝගයක් නොලැබෙන අතර රෝගාතුරව ප්‍රතිකාර ලැබීමට ඇමරිකාවට පැමිණි ෂා රජුට රටතුළ රැඳී සිටීමටවත් අවස්ථාව උදා නොවීය. රෝගීව , කායිකව සහ මානසිකව දුබල ව සිටි ඉරානයේ අවසාන රජතුමා 1980 වසරේ දී පිටුවහලෙක් ලෙසින් ඊජිප්තුවේ කයිරෝ නුවර දී මිය යන්නේ ය. එවකට ඔහුට වයස අවුරුදු හැටක් වූවා පමණකි.

ඉරානයේ අවසන් රජු දුක්ඛිත ඉරණමට මුහුණ දෙද්දී රාජකීයත්වය අහිමි වූ ඔහුගේ දරුවන් පස් දෙනා ලොව පුරා විසිර යති. බාලම දියණිය 2001 වසරේදී ඖෂධ අධිමාත්‍රාවකින් මෙලොව හැර යද්දී ධූරාවලියේ දෙවැනි තැනට සිටි ඔටුන්න හිමි රීසා පහ්ලවි කුමරු 2011 වසරේ දි සියදිවි නසාගනී.

පාලනය පැවතෙන තෙක් ලොව ම වසඟ කළ කිරීටය සතු මහිමය බලය අහිමි වූ කල්හි අබැටක් නොවටින බව අපට පසක් කරදෙන්නේ ඉරානයේ අවසාන රජු වූ ෂා රජු විසිනි. ඔහු ඊජීප්තුවේ දී මියයන්නේ රජෙකු ලෙස නොව පිටුවහල් කළ ඉරාන ජාතිකයෙකු ලෙසින් ම පමණකි.

http://www.edupub.gov.lk/SelectSyllabuss.php#Syllabuss

1939 ජන 16 සුපර්මෑන් superman කාටුනය දිනපතා පත්‍රයක කාටුන් වශයෙන් පළ වීම ආරම්භ වුණා.

https://en.m.wikipedia.org/wiki/Superman_(comic_strip)

1909 ජන 16 අනුරාධපුර සිද්ධස්ථාන හඳුනාගැනුණා.

1979 ජන 16 ලංකා ගුවන් සේවය ප්‍රසිද්‍ධ සමාගමක් බවට පත්වුණා.

1999 ජන 16 දක්ෂ නළුවකු හා ගායකයකු වූ ග්‍රැන්විල් රුද්‍රිගු මහතා අභාවප්‍රාප්ත වූවා.

https://pinthaliya.wordpress.com/2013/01/14/%E0%B6%9C%E0%B7%8A%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%9C%E0%B6%AF%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9D/

1995 ජන 16 ප්‍රවීණ ගත් කතුවර සාහිත්‍යසූරී හියුබත් දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.

මේ එතුමා පිළිබඳ බ්ලොග් අඩවියකින් උපුටා ගත් සටහනක් …

විසල් මිනිසෙකුගේ ශ්‍රේෂ්ඨ චාරිකාව – හියුබත් දිසානායක (Hubath Dissanayake)

හෙළ සාහිත්‍ය ට අනුපෙමය සේවයක් කල අතොලොස්සක් දෙනා අතරට හියුබත් දිසානායකයන් සුවිශේෂිත වේ. එලෙස ම හෙළ හවුලට අයත් අධ්‍යතන ගීත සාහිත්‍ය වර්ධනයට අනුපම මෙහෙයක් කළ ගී පබඳුවාණ වූ එතුමාට ඇත්තේ අග්‍රගණයේ පිළිගැනීමකි. එතුමා හෙළ ගී මඟට පිවිසෙමින් මතු කළ අපූර්ව අලංකාරත්වය ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යක් වශයෙන් ගීතයට අවශ්‍ය ශිථිල බව හා සුබෝධත්වය මතු කර ගැනීමට ගත් තැත මනා ව පැහැදිලි කරයි.සුවිසල් ගීත රචකයාට භාෂාවේ එන එකදු වචනයක් හෝ ඉවත නො ලා, රසයන් ජනිත කළ හැකි බව හියුබත් දිසානායකයන්ගේ නිර්මාණ ඇසුරෙන් දැක ගත හැකි ය.

1916 ඔක්තෝබර් 24 වන දින ජා-ඇල ,වැලිගම්පිටියේ උපත ලද එතුමා වෑවල රෝමානු කතෝලික පාසලින් සහ කඳානේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. කුඩා කල සිට ලේඛන කලාවට ඇල්මක් දැක්වූ මෙතුමා, පාසැල් අධ්‍යාපනයෙන් පසුව රජයේ සේවයට බැඳුණු අතර, විවේක කාලයෙන් වැඩි කොටසක් ගතකළේ ගද්‍ය හා පද්‍ය රචනා කිරීමටබය. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ ඇසුරින් සිංහල පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් මෙතුමා, කුඩා දරුවන්ට විශේෂ ආදරයක් දැක්වූ අතර, ළමුන් සඳහා ළමා පොත් රාශියක් නිර්මාණය කළේ ය. කුඩා ළමුන්ගේ මල් මෙන් ලස්සන වූ සිත් තුළ ඇති ආදරය, කරුණාව හා උත්සාහය වැනි ගුණාංග මෙම ගද්‍ය ,පද්‍ය වලට මූලික වී ඇත.කුමරතුඟුන් ගේ අනුයයුවන් වූ හියුබත් දිසානායකයන් ගේ හෙළ හවුලේ සමකාලිනයන් වූයේ, ජයන්ත වීරසේකර, අලෙවි ඉසි සැබිහෙළ, , සුනිල් සාන්ත, රැයිපියෙල් තෙන්නකෝන්, වෙල්ලා ජයමහ, වෙ. වි. අබේගුණවඩු, අරිසෙන් අහුබුදු, ක. සූරසේන වැන්නන් ද මහැදුරු නන්දාස කෝදාගොඩ වැනි වියතුන් ය.

එතුමාගේ පොත් විශාල සංඛ්‍යාව අතුරින් ගුණසේන ප්‍රකාශකයන්ගෙන් බිහිවූ පොත් බහුලය. ” මරු පහර” 1945 දීද, ” නරි හිනාව” 1947 දී ද, ළමා කතාවන් ලෙස බිහිවී තිබුණි. එලෙසම “කරුණාවට කරුණාවක්” “කොණ්ඩ කිරිල්ලී “,”කපුටු හාමි” මෙන් ම පරිවර්තනයක් වූ “ගලිවරය”: එතුමා ලියුවේ,
ළමුන්ට ම ය. ගුණසේන ප්‍රකාශනය යටතේ එතුමාගේ “හිරෝශිමාවේ මල්”, “ඌව දනව්ව”,”සිංහල-අත්පොත”, “රවින්ද්‍රනාත් තාගෝර්” සහ “සුදු වත ඇදී කත” බිහිවිය. ස්වදේශී මුද්‍රණාලයේ “සමාජ පිළියම ” ද, ගොඩගේ ප්‍රකාශකයන්ගෙන් “නයිට්වරුන්ගේ වීර කථා ” සහ “නල දමයන්ති” “හැම්ලට්” බිහිවී ඇත. එතුමාගේ කුඩා කල ගෙවූ අන්දම හරි සුන්දරව ළමා මනසට කා වදින ලෙස “ගිය මා ළමා කල” නමින් බිහි කළේය. මේ එතුමා අතින් ලියැවු පොත් ඉතාමත් අල්පයකි.

එතුමන් භාෂාව හරහා ඉටු කළේ අනාදිමත් කලෙක පටන් වහරේ සැගව තිබු වියරණ හෙළි කිරීම ය. ගත් වහරත්,කට වහරත් අතර පරතරය වටහා දීමත් , ව්‍යාකරණය තාත්විකත්වයත්, වියරණයෙන් වහරට තහංචි පැනැවෙන්නේ යෑ යි ද ,එතුමාගේ ග්‍රන්ථ කියවීමේදී වටහා ගත හැකි ය. හියුබත් දිසානායකයන්ගේ කාව්‍යමය පබැදුම් වල තිබුයේ අමුතු සුන්දරත්වයකි.එය ඔහු පසු කලෙක තම ගීත තුලින්ද එලි දැක්වීය. මේ එතුමාගේ කාව්‍ය සිතුවිලි පන්හිද තුලින් ගලා ආ අයුරු ය.

“වැතිර හිඳින්නට මා හා කවුද කැමැත්තේ
සිහින්ව ඉතා සිහින්ව – කොවුල් නද නැඟී එන්නේ,
සිහිනයක් මෙනි. නන්ව.
මල්වලින් සුවඳ උරා බිව් සුළඟ ද,සිහිල් ව හමා එයි.
අන්න අර බලන්න.සිතිජය දෙස.
හිරු ද මුහුදේ ගිලෙමින් සිටියි.
මගේ පෙම්වත් කුමරියනි,
අපි නිදැල්ලේ පෙම් ඕවිල්ල පදිමු. සඳත් එබිකම් කරන හැටි, අර බලන්න.”

සිය පෙම්වතිය සිහිකරමින් ප්‍රේමයෙන් මුසපත් ව සිටි යෞවනයකුගේ චිත්තාවේගය,අති මහත් භාවික ගුණයෙන් යුක්තව සිත්තම් කෙරු හියුබත් දිසානායක ග්‍රන්ථ රචකයා,කාව්‍යමය වූ අයුරු ය ඒ. එවිට ඔහුගේ දෙනෙතට ප්‍රේමය පෙනෙනුයේ ස්වාභාවීක සෞන්දරත්වය හා සම්බන්ධ කරගෙන ය. කොවුලා,සුළග,සිතිජය,සඳ,මල් වල සුවද ,හිරු,මුහුද, මේ සියල්ලම ඔහු එකට එකතු කෙරෙනු ඇත . ඔහු ඒ බස ගීත සාහිත්‍යටද රැගෙන එයි.
“කෝකිලයන්ගේ- කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී” ගීතයේදී ද ගත් වහරත් කට වහරත් මෙතුමා සමිශ්‍රනය කරයි , එය තවත් තිවර කරනුයේ
“සමන් මලක් නෙළා මගේ බිසෝගේ -හිසේ ගසම්,අන්න මගේ විනෝදේ
එන්නැ, අනේ,එන්නැ, මගේ කුමාරී -සාදු කියා හාදු දෙකක් දෙන් සිරී
මගේ කිරිල්ලී – හඬින් සුමීරී – ගයන් අමා ගී”

මේ හියුබත් දිසානායකයන්ගේ භාෂාමය ගීත ශෛලයයි . එතුමාගේ “මෙවන් පිටිසරේ – මේ දුගී පැලේ ” ගීතයේ ඔහු භාෂාව හසුරවන්නේ කට වහරටය. එම යෙදුම් හරිම සෞම්‍යය . ඔහු එහි භාෂාව තුල කිමිදී ගැබුරටම පිහිනා ගොස් අර්ථයට වැදී යන පද වැල් සොයා ගනී.

“.. සුවඳ තෙල් දමා
සමන් කැකුළු වළලු ලා
බෙදා වරල බැන්ද කලට
හඃ හ-හා හ-හා…!’ …….. “හරි ලස්සන යි!” කියනු වෙනුවට යොදා ගත්, චමත්කාරය හා සතුට පළ කරන අපූරු යෙදුමක් ලෙස මේ ‘හඃ හ-හා හ-හා…!’ යෙදුම දැක්විය හැකි ය.

එතුමා හා සුනිල් ශාන්තයන් අත‍ර තිබුයේ දැඩි මතු දමකි. දෙදෙනාම සිටියේත් එකම පරිසරයක ය.. එහෙයින් නිරතුරුවම ඔවුනොවුන් හමු විය. බොහෝ ගීත එතුමා අතින් සුනිල් ශාන්තයන්ට ලියවුයේ ඒ නිසා වන්නට ඇත. සුනිල් ශාන්තයන්ගේ ජනප්‍රියතම ගීත හියුබත් දිසානායක අතින් ලියැවුයේ මෙසේය \.
“මිහිකත නලවාලා- මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ- පිටිසර හෙළ ගුරු ලිය සැරදේ”

මෙම ගීතය තුලද දිසානායකයන්ගේ කට වහර හරි අපූරුවට යොදා තිබුණේ ..
“ඕලු නෙළුම් ඈ නෙක මල් පිපිදේ, අහෝ විලේ සිරියා
ජයමැ මලක් ඉන් නෙලා ගනී ඈ හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ- සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබේ,හදවත පතුලේ – පෙම් මල කා සතුදෝ”

එලෙස ම “සුවඳ රෝස මල් නෙලා ,මාලයක් ගොතාලා”ගීය ද

‘පිරුණු ඒ සොමි සඳේ කැලුම් සේ අගේ…’ගීතය / ‘රැල්ල නැඟෙන්නේ වැල්ල බලා ගලන්නේ…’ගීතය / ” කුරුළු ආදරේ, සතුටු සාගරේ” ගීතය ද හෙළ ගී මඟෙහි නව ආවර්තනයක් සිදු කළ ගීත ලෙස දැක්විය හැකි ය.

හියුබත් දිසානායක යනු මනුෂත්වයේ ප්‍රතිමුර්තියකි. කිසිදු වෙලාවක මුහුණේ රැදී තිබුණු අව්‍යාජ්‍ය සිනහව නම් මැකෙන්නෙම නැත. එලෙසම සරලව, සැහැල්ලුවෙන් ජීවත්වීමට ය ඔහු නිතර උත්සහා කළේ. කෙනෙකුට උස් හඩින් කථා කිරීමට නම් ඔහුට කිසිසේත් නොහැකි ය. කරදර කම්කටොලු භාරගනුයේද සිනාමුසු මුහුනෙන් ය. ඒවා විසදාගනුයේද එම සිනා මුසු මුහුනෙන් ම ය. හෙළ හවුලේ සිට ඔහු හෙළ බස පෝෂණය කළ ද , ඔහු ඇන්දේ, පැලැන්දේ සම්පුර්ණ යුරෝපා ඇඳුම ය. හැම සංස්කෘතියකට ම ඔහු ගරු කළේ ය . හැම මිනිසෙකුට ම ඔහු ආදරය කළේ ය. එහෙයින් හැම මිනිසෙකුගෙන් ම ඔහු ආදරය ලැබීය.

එකල ලංකාවේ හැම පුවත් පත්වලට ම ලිපි රචනා සැපයු මෙතුමා,”දවස”පුවත් පතේ විශේෂාංග කර්තෘ වශයෙන් ද සේවය කළේය.මෙතුමාගේ සේවය ඇගයීම සඳහා රජය මගින් සාම විනිසුරු තනතුරකින් ඔහුට උපහාර පවත්වන ලදී. 1982 දී කලාශුරී සම්මානයෙන් මෙතුමා පිදුම් ලැබීය.
එලෙසම මෙතුමාගේ සේවය අගයමින් කතෝලික සිනමා පර්ෂදයෙන් සම්මානයක් හිමිවිය.

කවියෙකු, ගී පද රචකයෙකු ලේඛකයෙකු හා විශේෂාංග කර්තෘවරයෙකු වශයෙන් සිංහල සාහිත්‍යට අනුපමේය සේවයක් කළ හියුබත් දිසානායකයාණන් 1995 දී අප අතරින් සදහටම සමු ගත්තේ ය.එහෙත් අදත් හෙටත් ,පරපුරෙන් පරපුරටත් එතුමා ගේ නාමය සදාබරිත වී,ගරු බුහුමන් ලැබෙනු ඇත. ඒ එතුමා ලාංකේය ජනතාවගේ ජීවිත පෝෂණයට බොහෝ අර්ථවත් දෑ වැපුරූ හෙයිනි. අද එතුමා ලාංකේය ජන සමාජය තුල ශ්‍රේෂ්ඨ,විසල් මිනිසෙකු වී ලොව පවතින තාක් රැදෙනු ඇත.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

මල් පැලේ උපන් පන්සලේ පියතුමා .. මතක පොතෙන්..

1998 ජන 15 දාමල්පැලේ උපන් පන්සලේ පියතුමා නමින් විරුදාවලි ලැබූ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ස්වර්ගස්ථ විය. උන් වහන්සේ සංගීත,ගීත,කාව්‍ය රචනා යන අංශවල දස්කම් පෑ අතර ආගමික සමගිය වර්ධනය කරන්නට උත්සාහ දැරෑ පියතුමකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.

Continue reading “මල් පැලේ උපන් පන්සලේ පියතුමා .. මතක පොතෙන්..”

මතක පොතෙන් ..කලාපය 1 පිටුව 27-දෙවන කොටස