ජාතක කතා               කලාපය 1 පිටුව 30 දෙවන කොටස

කෑදර වනවාසියා(සීලව නාගරාජ ජාතකය ඇසුරින්)-දෙවන කොටස

මේ ඇත් පැටියා තනිව ජීවත් වන අතර කිසිවෙකුට උදව්වක් හෝ උපදෙසක් වුවමනා වූ විට ඔවුනට පිහිට වුණා.දිනක්  ඔහු දුටුවා පුංචි වඳුරෙකු කඳුළු සලමින් සිටින අයුරු.

“ඇයි නුඹ අඬන්නේ?”

“මම පුංචියි.දුර්වලයි.මගේ යහළුවෝ මට විහිළු කරනවා.”

ඔහු නොසැලකිලිමත් වඳුරන් සියලු දෙනා හමුවුණා.

“නුඹලා ලැජ්ජා විය යුතුයි.නුඹලා විසින් රැක බලා ගත යුතු නුඹලාගේ දුර්වල සහෝදරයාට හිංසා කරන්නේ ඇයි?නුඹලා අහලා නැද්ද මේ කතාව…?”

බොහෝ සන්ධ්‍යා කාලවල තරුණ මහලු බොහෝ සත්ත්ව කණ්ඩායම් ඇතාගේ උපදෙස් ලබාගන්නවා දකින්නට ලැබුණා.වැඩි කලක් නොගොස් ඔහු ගුණවන්ත ඇත් රජෙකු බවට ප්‍රසිද්ධ වුණා.

දිනක් බරණැස සිට පැමිණි වනවාසියෙකු පාර සොයාගත නොහැකිව වනයේ අතරමං වුණා.

“මගේ ජීවිතේට මට මෙච්චර බයක් දැනිලා නෑ.තියන තියන අඩියක් ගාණේ මම නිවසෙන් ඈත් වෙනවා වගෙයි පේන්නේ.”

එන්න එන්නම ආලෝකය දුබල වෙමින් තිබුණා ..

“ආහ්.මේ මොකක් ද?”

“ඕහ්.මේ හෙවණැල්ලක් නේ.මම කොච්චර මෝඩ ද?

ධෛර්යය එකතු කරගත් ඔහු නොනැවතී ගමන් කරන්නට වුණා.හදිසියේ ම…

“අලියෙක්.මම මැරුණා වගේ තමයි දැන් නම්.”

“දෙවියනි උදවු කරන්න.! මාව කුඩුපට්ටම් කරලා දාවි!

වනවාසියා ගමන් කරන සෑම තැනකට ම ඇතා ගමන් කළා.ඔහු නතර වන සෑම තැනක ම නතර වුණා.

“මම ආපහු හැරිලා නතර වෙන්න ඕන.මූ මොක ද කරන්නේ බලන්න.”

වනවාසියා පුදුමයට පත් කරමින් ඇතා ඔහුට කතා කරන්නට වුණා.

“කොච්චර කරුණාවන්ත  හඬක් ද!ඒ වගේ ම ගැඹුරුයි ශක්තිමත්.”

“මම අතරමං වුණා.මට බරණැසට යන්නට වුවමනායි.”

“මාත් එක්ක මගේ ගෙදරට එන්න.මම ඔබට නගරයට යන පාර පෙන්වන්නම්.”

පසුව ඇතා වෙසෙන ගල් ගුහාව තුළ-

“ඔබට වෙහෙසයි.ඇයි ඔබ මෙහි දින කිහිපයක් විවේක නොගන්නේ?”

“මම හිතනවා එහෙම කළොත් හොඳයි කියලා.”

ඇතාගේ දවස වේලාසනින් ආරම්භ වනවා.

“දිය නාමින් ඉන්න විට අර කඳු උඩින් දවස දවස ආරම්භ වෙනවා දකින්න මම හරි ආසයි.”

සන්ධ්‍යාවේ ඔවුන් වනයේ එළිමහන් පෙදෙසකට ගියා.

“අපි හිරු බැස යන දිහා බලමු.ඒ දර්ශනය මගේ හදවත සාමකාමි බවින්‍ පුරවනවා.”

“මට ඉරිසියයි ඔබේ  සාමකාමි අදහස් ගැන.මිනිස්සු හරිම කලබලකාරි සත්ත්ව කොට්ඨාසයක්.”

දින කිහිපයකට පසු- 

“මම කැමතියි දිගටම ඉන්න.ඒත් මට බරණැස කරන්න වැඩ තිබෙනවා.”

“මම ඔබව වනයේ කෙළවරට ගෙන ගොස් ඔබට නගරයට යන පාර පෙන්වන්නම්.”

“මේ ගස් ටික මතක තබා ගන්න ඕන….”

“…මේ කන්ද .මේ පාර.”

“මම වෙනත් දවසක ආපසු එන්න ඕන.”

අවසාන කොටස මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න..

Advertisements

බීප්.. බීප්..                         කලාපය 1 පිටුව 7

Road Runner 010002 copy

රෝඩ් රනර් (Road Runner ) අප පුංචි කාලයේ රූපවාහිනියෙන් රසවිඳින්නට ලැබුණු ලස්සන කතා මාලාවක්. එහි කාටුන් කතාංග රාශියක් මා සතුව තිබෙනවා.ඒවා ඔබගේ රසවින්දනය උදෙසා හැකි පමණ ඉදිරිපත් කරන්නට මා අදහස් කළා.

නස්රුදීන්                    කලාපය 1 පිටුව 5

නස්රුදීන්ගේ කතා.(Nasruddin Hodja)

  


 නස්රුදීන්ගේ කතා නෑසූ අයෙක් නොකියවූ අයෙක් නොමැති තරම්.ඔබට අන්තර්ජාලය පිරික්සීමෙන් නස්රැදීන්ගේ කතා ඕනෑ තරම් සොයාගන්නට හැකිවේවි.මෑතක දී ප්‍රවීණ ලේඛක පර්සි ජයමාන්න මහතා විසින් නස්රුදීන්ගේ කතා පොත් ත්‍රිත්වයක් එළිදැක්වූවා.එම ග්‍රන්ථ මා සතුව තිබුණත් ඒවා තවමත් වෙළඳපොළේ අලෙවි කරන ග්‍රනථ නිසා ඒවා මෙහි පළ කිරීමේ හැකියාවක් නැහැ.එසේම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසිනුත් නස්රුදීන් හෝජා නමින් ග්‍රන්ථයක් පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මා සතුව තිබෙනවා ඉන්දීය tinkle ළමා සඟරාවේ පළ කෙරුණු නස්රුදීන්ගේ කතා එකතුවක්.

අලංකාර චිත්‍රවලින් හැඩවුණු මේ නස්රුදීන් කතා එකතුව අද පටන් සිංහල බසින් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

මීට අමතරව කියවනු රිසි ඔබ සඳහා අන්තර්ජාලයෙන් සොයාගත් කතා කිහිපයක් ද මෙහි පළ කිරීමට අදහස් කළා.

මේ දිනමිණ පත්‍රයේ පළවූ ලිපියක කොටසක්.
මේ දිවයින පත්‍රයෙන්.

කියවන්න, නස්‌රුදීන්



දෙවියන් නොඑන හේතුව 

නස්‌රුදීන් පල්ලියට යන විට පල්ලියෙ ලෙබ්බෙ මිදුලේ රැස්‌වෙලා ඉන්න මිනිස්‌සුන්ට දේශනයක්‌ කරනවා. මේ කාලෙ දෙවියන් මනු ලොවට නොඑන්න හේතු ගැන කියල ලෙබ්බෙගෙ අදහස වුණේ මේ කාලයේ මනුෂ්‍යයා යක්‌ෂයාගෙ දරුණු ගතිගුණවලටයි සර්පයාගේ විෂ ගතිගුණවලටයි හුරුවෙලා ඉන්න නිසා දෙවියන් මනුලොවට නොඒමේ ප්‍රධාන හේතුව කියල. ඒත් මේ මතයට නස්‌රුදීන් එකඟ වුණේ නැහැ. ඔහු ඊට තම බලවත් විරෝධය පෑවා. නස්‌රුදීන්ගෙ විරෝධය ගණන් නොගත්ත ලෙබ්බේ දේශනාව දිගටම කරගෙන ගියා. මෙයින් නොසන්සුන් වුණ නස්‌රුදීන් දෙවියන් නොඑන හේතුව හරියටම දැනගන්න ඕනෙ නම් ඔය බොරු දේශනාව ටිකකට නවත්වනව කියල. 

මේ කතාවෙන් තරමක්‌ මෙල්ල වුණ ලෙබ්බෙ යාප්පුවෙන් නස්‌රුදීන් ළඟට කිට්‌ටු කළා. දෙවියන් නොඑන සැබෑ හේතුව දැනගන්න.

මේ කාලෙ දෙවියො නොඑන්නෙ ඉස්‌සර වගෙ නොවෙයි දැන් මෝඩයො අඩුයි. ඒකයි නස්‌රුදීන්ට තම සොයා ගැනීම කියල ඉවර කරන්න ඉඩ ලැබුණෙ නැහැ. කුපිත වුණ ලෙබ්බෙ නස්‌රුදීන්ට බැණ බැණ නස්‌රුදීන් ඉන්න තැනට එන්න ගත්තා. එනපොට හොඳ නැති බව තේරුම් ගත්ත නස්‌රුදීන් දුවන ගමන්ම තම සොයා ගැනීමේ ඉතිරි අඩත් සම්පූර්ණ කළා. හා බොරුද කියල බලනවා ඔය දෙවිවරු ඇවිත් තියෙන්නෙ මෝඩයො හොයාගෙන නොවෙයිද කියල.


.

බහු බූතයෝ 

අද වගේම එදත් හිටිය ලෝකෙ තියන කිසිම ආගමක්‌ දහමක්‌ අදහන්නෙ නැති අය. මේ අයගෙන් අභියෝගයක්‌ එල්ල වුණා. ආගම් අදහන්නන්ට නෙවි භූත වාදීන්ට අභියෝගය තමා හැකිනම් භූතයෙක්‌ පෙන්වන්න නැතිනම් භූතයෙක්‌ සමග කතා කරල පෙන්වන්න, කියන එක.

මේ අභියෝගය සිය ගණනක්‌ භූත වාදියො පිළිගත්තත් එක්‌ අයකුට හෝ නොහැකි වුණා භූතයෙක්‌ පෙන්වන්න හෝ භූතයෙක්‌ සමග කතා කරල පෙන්වන්න 

පිරිස අතරින් නස්‌රුදීන් හිටිය ගමන් ඉදිරියට ආවා. මට පුළුවනි භූතයෝ පෙන්වන්න. භූතවාදීන් නේද පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා ගියා. දෙකක්‌ නැහැ නස්‌රුදීන් අත ගැහුවොත් භූතයො පෙන්නලම තමා නතර වෙන්නෙ. භූතයෝ නැහැයි කියන අය බහු බූතයෝ වෙලා යාවි, භූතවාදීන් සිතුව. නස්‌රුදීන්තුමා භූතයෝ පෙන්වන්න භූතයෝ පෙන්වන්න හතර අතින්ම හඬ නැගෙන්න වුණා. භූතයො තමා ඔය ඉන්නෙ නස්‌රුදීන් භූත වාදීන් දිහාට අත දිගහැරල පෙන්නල කීවා. 

කෝ, කෝ, භූතයෝ ඔවුනුත් ඉදිරියට ආවා. භූතයොද එයාල දැන් ඔයාලගෙ හිත ඇතුළෙ ගුලි වෙලා නස්‌රුදීන් කීවා.




ආර්. සී. වතුහේන‍

මේ පර්සි ජයමාන්න මහතා ලියූ කතා කිහපයක් බූන්දි වෙබ් අඩවියේ පළවී ඇති අයුරුයි .

http://www.boondi.lk/article.php?ArtID=1250

මේ තවත් වටිනා blog අඩවියකින් 

http://nilukakadurugamuwa.blogspot.com/2016/01/blog-post.html?m=1

මේ තවත් link එකක්.

https://www.thelastrow.lk/story/991



මුල්ලා නස්රුදීන් ඉන්දීය දූරදර්ශන් රූපවාහිනි නාලිකාවේ කතාමාලාවක් ලෙසින් විකාශය වී තිබෙනවා.අන්තර්ජාලයේ එහි හින්දි කතා මාලාව තිබුණත් ඉංග්‍රීසි පරිවර්තනයක් සොයා ගන්නට ලැබුණේ නැහැ.

https://m.youtube.com/watch?v=2qBHDL94V3A

මේ දිනමිණ පත්‍රයෙන්

http://archives.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/08/06&id=2013/08/06/b13080612