ජාතක කතා               කලාපය 1 පිටුව 30 දෙවන කොටස

කෑදර වනවාසියා(සීලව නාගරාජ ජාතකය ඇසුරින්)-දෙවන කොටස

මේ ඇත් පැටියා තනිව ජීවත් වන අතර කිසිවෙකුට උදව්වක් හෝ උපදෙසක් වුවමනා වූ විට ඔවුනට පිහිට වුණා.දිනක්  ඔහු දුටුවා පුංචි වඳුරෙකු කඳුළු සලමින් සිටින අයුරු.

“ඇයි නුඹ අඬන්නේ?”

“මම පුංචියි.දුර්වලයි.මගේ යහළුවෝ මට විහිළු කරනවා.”

ඔහු නොසැලකිලිමත් වඳුරන් සියලු දෙනා හමුවුණා.

“නුඹලා ලැජ්ජා විය යුතුයි.නුඹලා විසින් රැක බලා ගත යුතු නුඹලාගේ දුර්වල සහෝදරයාට හිංසා කරන්නේ ඇයි?නුඹලා අහලා නැද්ද මේ කතාව…?”

බොහෝ සන්ධ්‍යා කාලවල තරුණ මහලු බොහෝ සත්ත්ව කණ්ඩායම් ඇතාගේ උපදෙස් ලබාගන්නවා දකින්නට ලැබුණා.වැඩි කලක් නොගොස් ඔහු ගුණවන්ත ඇත් රජෙකු බවට ප්‍රසිද්ධ වුණා.

දිනක් බරණැස සිට පැමිණි වනවාසියෙකු පාර සොයාගත නොහැකිව වනයේ අතරමං වුණා.

“මගේ ජීවිතේට මට මෙච්චර බයක් දැනිලා නෑ.තියන තියන අඩියක් ගාණේ මම නිවසෙන් ඈත් වෙනවා වගෙයි පේන්නේ.”

එන්න එන්නම ආලෝකය දුබල වෙමින් තිබුණා ..

“ආහ්.මේ මොකක් ද?”

“ඕහ්.මේ හෙවණැල්ලක් නේ.මම කොච්චර මෝඩ ද?

ධෛර්යය එකතු කරගත් ඔහු නොනැවතී ගමන් කරන්නට වුණා.හදිසියේ ම…

“අලියෙක්.මම මැරුණා වගේ තමයි දැන් නම්.”

“දෙවියනි උදවු කරන්න.! මාව කුඩුපට්ටම් කරලා දාවි!

වනවාසියා ගමන් කරන සෑම තැනකට ම ඇතා ගමන් කළා.ඔහු නතර වන සෑම තැනක ම නතර වුණා.

“මම ආපහු හැරිලා නතර වෙන්න ඕන.මූ මොක ද කරන්නේ බලන්න.”

වනවාසියා පුදුමයට පත් කරමින් ඇතා ඔහුට කතා කරන්නට වුණා.

“කොච්චර කරුණාවන්ත  හඬක් ද!ඒ වගේ ම ගැඹුරුයි ශක්තිමත්.”

“මම අතරමං වුණා.මට බරණැසට යන්නට වුවමනායි.”

“මාත් එක්ක මගේ ගෙදරට එන්න.මම ඔබට නගරයට යන පාර පෙන්වන්නම්.”

පසුව ඇතා වෙසෙන ගල් ගුහාව තුළ-

“ඔබට වෙහෙසයි.ඇයි ඔබ මෙහි දින කිහිපයක් විවේක නොගන්නේ?”

“මම හිතනවා එහෙම කළොත් හොඳයි කියලා.”

ඇතාගේ දවස වේලාසනින් ආරම්භ වනවා.

“දිය නාමින් ඉන්න විට අර කඳු උඩින් දවස දවස ආරම්භ වෙනවා දකින්න මම හරි ආසයි.”

සන්ධ්‍යාවේ ඔවුන් වනයේ එළිමහන් පෙදෙසකට ගියා.

“අපි හිරු බැස යන දිහා බලමු.ඒ දර්ශනය මගේ හදවත සාමකාමි බවින්‍ පුරවනවා.”

“මට ඉරිසියයි ඔබේ  සාමකාමි අදහස් ගැන.මිනිස්සු හරිම කලබලකාරි සත්ත්ව කොට්ඨාසයක්.”

දින කිහිපයකට පසු- 

“මම කැමතියි දිගටම ඉන්න.ඒත් මට බරණැස කරන්න වැඩ තිබෙනවා.”

“මම ඔබව වනයේ කෙළවරට ගෙන ගොස් ඔබට නගරයට යන පාර පෙන්වන්නම්.”

“මේ ගස් ටික මතක තබා ගන්න ඕන….”

“…මේ කන්ද .මේ පාර.”

“මම වෙනත් දවසක ආපසු එන්න ඕන.”

අවසාන කොටස මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s