මතක පොතෙන් කලාපය 1- පිටුව 27

පාසල් සමයේ මගේ අත් අකුරෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථය රචනා කිරීමේ දී මා හට අද මෙන් අන්තර්ජාල පහසුකම් තිබුණේ නැත.පුස්තකාල පීරමින් ඇවිද මගේ පොත්පත් ගබඩාව එහා මෙහා පෙරළමින් පිටු එකිනෙක ගළපමින් මහා පරිශ්‍රමයක් දරමින් මෙම ග්‍රන්ථය රචනා කළෙමි.සංස්කාරකට පෞද්ගලික පරිගණකයක් ලැබෙන්නේ ඉන් වසර 6කටත් පමණ පසු ය.

මෙම ග්‍රන්ථයේ කරුණු එකල පුවත්පත් සඟරාවල පළවූ ලිපි මත පදනම් ව මූලාශ්‍ර කිහිපයකින් සොයා බලා තහවුරු කර ගත් නමුදු සමහර තැන් තවදුරටත් නිවැරදි විය යුතු බව හැඟෙන නිසා නැවත පිරික්දා බලා එම තොරතුරු ද මේ සමග ගෙන එමි.

දැනුම සොයන දූ දරුවන්ට මෙම ග්‍රන්ථය හා ඒ ඇසුරින මා පුවත්පතකට රචනා කරන ලද ලිපි පෙළ විශ්වකෝෂයක් වනු ඇත යන්න මගේ පැතුමයි.

1324 වර්ෂයේ ජන 8 දා මාර්කොපෝලෝ මියගිය බව සමහර ග්‍රන්ථවල දක්වා ඇත.ඔහු අන්තිම කැමති පත්‍රයට අත්සන් යොදා ඇත්තේ ජන 9 වැනිදා බැවින් සමහරැ ඔහු ජන 9 දා මියගිය බව පවසති.

2007 ජන 9 දා ඇපල් අයිෆෝනය පිළිබඳ ව ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

1831 ජන 10 දා ඉන්දියාවෙන් අපනයන කළ ප්‍රථම තේ තොගය එක්සත් රාජධානියට ළඟා විය.

1778 ජන 10 දා විද්‍යාවේ ද්විපද නාම වර්ගීකරණයේ පියා ලෙස සැලකෙන කැරොලස් ලීනියස් මියගියේ ය.

1922 ජන 11 දා දියවැඩ්යාවට ප්‍රතිකර්මයක් ලෙස ප්‍රථම වරට ඉන්සියුලින් යොදා ගන්නා ලදි.ඒ කැනඩා ජාතික ලෙනාඩ් තොම්සන් නම් තැනැත්තෙකු සඳහායි.

2008 ජන 11 දා ගවේෂක එඩ්මන්ඩ් හිලරි මියගියේ ය.

1948 ජන 12 දා මහත්මා ගාන්ධි තුමා ඔහුගේ අවසන් සත්‍යග්‍රහය ඇරඹී ය.

1979 ජන12 දා නයිජීරියානු සිවිල් යුද්ධය අවසන් විය.

2010 ජන 12 දා හයිටිවලට බලපෑ දරුණු කුණාටුවකින් 160000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

1785 ජන 13 දා ජෝන් වෝල්ටර් විසින් ලන්ඩනයේ THE TIMES ද ටයිම්ස් පුවත්පත පළමුවරට ප්‍රකාශයට පත් කරන ලදි.

1888 ජන 13 දා ඇමරිකාවේ වොෂිංටන් නුවර දී National Geographic Society නැෂනල් ජියොග්‍රැෆික් සමාජය ආරම්භ විය.


වැඩිදුර තොරතුරු ..

කොළඹ තරුණ බෞද්ධ සංගමය ..

http://www.divaina.com/2010/11/08/mano01.html

ලිපියෙන් කොටසක්..


මිෂනාරි පාසල් කරට කර තරගය පිණිස මෙම බෞද්ධ පාසල් ද සියලු විෂය ධාර උගැන්වීම පිණිස කටයුතු යෙදීය. 1880 වන විට රට තුළ තිබූ බෞද්ධ පාසල් 40 ක්‌ පමණ වූ ප්‍රමාණය 1900 පමණ වන විට 142 ක්‌ දක්‌වා වර්ධනය විය. “සරසවි සඳරැස්‌” හා “ද බුඩිස්‌ට්‌” යන සඟරා මගින් බෞද්ධ ප්‍රබෝධය නංවා කියවීමේ රුචිය වැඩිකරන ලදී. ප්‍රථම වරට වෙසක්‌ පොහෝදින රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පරිවර්තනය වූයේ “ඕල්කට්‌” තුමා ඇතුළු ප්‍රභූන්ගේ ඉල්ලීම මතය. මේ නිසාම 1885 දී අපට බෞද්ධ කොඩියක්‌ද නිර්මාණය කරගැනීමට හැකිවිය.

මේ කටයුතුවලට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, ඩී. බී. ජයතිලක, ආතර් වීදියෙස්‌, අමදොaරිස්‌ මෙන්ඩිස්‌, පියදාස සිරිසේන, ආර්. ඒ. මිරැන්ඩෝ, ඇෆ්. ආර්. සේනානායක යන මහත්වරුද පසු කාලීනව එකතු වූහ. බෞද්ධ පදනම මත සකස්‌වූ කෘෂි ආර්ථිකයක්‌ ගොඩනැගීම පිණිස අපේ රටේ ප්‍රභූන් ගත් උත්සාහය එදා සාර්ථක වූ අතර ඊට ජනතාවගේ සහයෝගයද ලැබිණි. 1891 අනගාරික ධර්මපාලතුමා බිහිකළ “මහාබෝධි සංගමයත්” ඩී. බී. ජයතිලක මැතිඳුන් මූලිකව බිහිකළ “තරුණ බෞද්ධ සංගමයත් මේ බෞද්ධ කටයුතුවලට විශේෂ වූ දායකත්වයක්‌ ලබාදුනි.

19 වන සියවසේ මැදභාගය වනවිට රටේ අභාවයට ගිය සිද්ධස්‌ථාන පිළිසකර කිරීමත් දේශීය පූජා නගර දියුණු කිරීම සඳහා අඩිතාලම් දැමීමත් මගින් මේ කටයුතු තවත් වර්ධනය වනු දක්‌නට ලැබුණි. කොළඹ “තරුණ බෞද්ධ සංගමය” රට පුරා ආරම්භ කර පවත්වාගෙන ගිය “දහම් පාසල්” ව්‍යාපාරය මගින් බෞද්ධ දරුවන්ගේ ආගමික දැනුම මුවහත් කරන ලදී. ඒ සඳහා තරග විභාග ආදිය පිළියෙල විය. 1912 දී සුදු පාලකයන් ඇති කළ සුරාබදු පණත ඔවුන්ට හකුළාගැනීමට සිදුවූයේ මෙම අපේ බෞද්ධ ප්‍රබෝධය නිසාවෙනි. එදා ඊට එරෙහිව මහ හඬක්‌ නැහැ. එෆ්. ආර්. සේනානායක, ඩී. එස්‌. සේනානායක, ඩී. එඩ්මන්ඩ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, ඩී. බී. ජයතිලක, ආතර් වී. දියෙස්‌, පියදාස සිරිසේන, ඩබ්. ඒ. සිල්වා, එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, යන ප්‍රධානින් පසුකලෙක රටේ ජනනායකයන් බවටද පත්විය. 

චෞ එන් ලායි පිළිබඳ දිනමිණ පත්‍රයෙන්..

රතු හමුදාව ඇරැඹූ චෞ එන් ලායි

මහජන චීනයේ වත්මන් ගමන් මඟ පුරා විහිදුණු යකඩ මුදුව වූයේ අගමැති ‍චෞ එන් ලායිය. එක් පැත්තකට පමණක් චීනය මෙහෙයවීමේ කලාවෙන් ටිකක් ඈත්කැර මධ්‍යස්ථ මාවතකට රට ගෙන ඒමට චෞ විශාල කැපවීමක් කළ බව ඔහු පිළිබඳ කරන අධ්‍යයනවල දී මනාව පැහැදිලි වෙයි. මේ නිසා බටහිර ඇතැම් දේශපාලන විචාරකයන් මෙන්ම මාධ්‍යවේදීන් චෞ හැඳින්වූයේ ‘රතු චීනයේ යටි උගුල්කරුවා’ සහ ‘මහ ඉන්ද්‍ර ජාලිකයා’ යනුවෙනුයි.

අද මහජන චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා දක්වා පරිවර්තනය වීමේ සමාජ දේශපාලන ක්‍රියාවලියේ චෞ එන් ලායි මැකී නොයන යකඩ මුදුවකි. ඔහු රටට එරෙහිව ආ සියලු සමාජ ආර්ථික හා දේශපාලන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ආත්ම ශක්ති‍යක් තිබූ නායකයෙකි.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් අතරින් වැඩිපුර ම විදේශ සංචාරයන් කළ නායකයා වූයේ චෞ එන් ලායිය. ඔහු සෑම විටකම නව දේශපාලන චින්තනයක අවශ්‍යතාව චීන ජනතාවට නිරන්තරයෙන් පැහැදිලි කැර දුන්නේය. මේ නිසා චීනයට චෞ නැතිවම බැරි කෙනෙක් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ විවිධ මට්ටමේ තනතුරු හා වගකීම් ඔහු දැරුවේය.

ලෝක සංග්‍රාම දෙකකට සිවිල් යුද්ධ පහකට, දශක කීපයක් පැවැති ජපන් පීඩනයට, දශකයක සෝවියට් දේශයේ කෙනහිලිකම්වලට හා අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ එදිරිවාදිකම්වලට චීන කොමියුනිස්ට් පක්ෂයේ මුල්පෙළේ නායකයකු ලෙස චෞ නොබියව මුහුණ දුන්නේය. මේ නිසා ඇතැමුන් ‘චීනයේ රණහඬ’ ලෙස චෞ හඳුන්වාදීමට පසුබට වූයේ නැත.

චෞ 1898 මාර්තු 05 දා චීනයේ (Jiangsu) ජියැංසු ප්‍රදේශයේ කුලීන පවුලක උපත ලැබුවේය. එම පවුල පසුකාලීනව වැඩවසම් වාදී පවුලක් ලෙස ප්‍රකට විය. චෞගේ මව කලාකාරියක් හා චීන සාහිත්‍යවේදිනියක් වූයේය. එහෙත් ඇය චෞට වයස අවුරුදු නවයක් වන විට මිය ගියේය.

වයස අවුරුදු 14දී (Shenyang) ෂෙන්යැං ප්‍රාථමික පාසලකට ඇතුළත් වූ චෞ එන් ලායි එහි සිවු වසරක කාලයක් අධ්‍යාපනය හැදෑරීය. ඉතා ප්‍රීතියෙන් හා උනන්දුවෙන් මේ සිවු වසර ඔහු ගෙවා දැමුවේය. මේ වන විට තරුණ වියට ළඟා වෙමින් සිටි චෞ තම ජීවිතය හා අනාගතය පිළිබඳව යථාර්ථවාදීව පරමාර්ථ පූර්වකව කටයුතු කිරීමට පටන් ගත්තේය. විශේෂයෙන් මේ කාලයේදී දේශප්‍රේමීත්වයෙන් හා විප්ලවවාදී හැඟීම්වලින් චීනයේ තරුණ තරුණියන්ගේ හදවත් පුබුදුවාලීමට චෞ සමත් විය. බටහිර බලවතුන්ගේ අවමානයට ලක්ව තිබූ තම මාතෘ භූමිය පුබුදුවාලිය හැකි ක්‍රම උපායන් චෞ අධ්‍යයනය කෙළේය. තම මාතෘ භූමියට අයත් විශාල භූමි ප්‍රදේශක් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ජපානය හා රුසියාව වැනි රටවල් උදුරාගෙන පාලනය කිරීම ඔහුගේ දැඩි අවධානයට ලක්ව තිබිණි.

චීනය තුළ සිටි විදේශිකයන් (බටහිර අධිරාජ්‍යවාදීන්) කුමන අන්දමේ අපරාධයක් කළත් උසාවිය හමුවේ පෙනීසිටීමට වගඋත්තර බැඳීමට ඔවුන්ට සිදු වූයේ නැත. විශේෂයෙන් රටේ වගකිවයුතු ක්ෂේත්‍රවල බලය හා ඒවා පාලනය කිරීමේ නියමුවන් වූයේ මේ විදේශීය බලවේගයන්ය. ඔවුන් කළ කී දෑ බොහෝය. ඉන් එක් සිද්ධියක් වූයේ චීනයේ ෂැන්හයිහි උද්‍යානයේ ගේට්ටුවල චීන්නු සහ බල්ලෝ ඇතුළු කරගනු නොලබෙති යනුවෙන් ලියා දැන්වීම් එල්ලා තිබීමයි.

තම වයසේ සිටින බොහෝ ළමුන්ගේ හැඟීම්වලට වඩා චෞ එන් ලායිගේ හැඟීම් වෙනස් විය. හදවතේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේ දේශානුරාගය පිළිබඳ හැඟීම්ය. සමාජ වෙනසක් මෙන්ම නව විප්ලවීය ජවයක් හා පන්නරයක් ඔහු තුළ මතුවෙමින් ආවේය.

චීනය නැමැති මහා භූමියට වින කරන එහි සම්පත් සුරා කන බලවේගවලට එරෙහිව සිසු උද්ඝෝෂණ හා පෙළපාලි සංවිධානය කිරීමට චෞ මේ කාලයේ සමත්විය. විශේෂයෙන් රුසියානු විප්ලවය පිළිබඳ යම් ආකාරයක ආශ්වාදයක් චෞ ප්‍රමුඛ තරුණ ශිෂ්‍ය සටන්කාමීන් ලැබූහ. අධ්‍යාපන කටයුතුවලින් ඉහළ සමාර්ථ මේ කාලයේ ලබාගත් චෞගේ සිතුවිල්ල වූයේ චීන විප්ලවය රුසියානු විප්ලවය තරම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් නොවිය යුතු බවයි.

එහෙත් මේ සිතුවිල්ල ඇති වී තුන්වසරක් ගිය තැන මුළුමනින්ම වෙනස් වී ගියේය. ඒ කාලසීමාව වන විට ජපානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියැළී සිටි චෞ මාක්ස් ලෙනින්වාදී න්‍යායයන් පිළිබඳ හැදෑරීම් කිරීමට පටන් ගෙන තිබිණ. තම රටේ ඉතිහාසය දෙස නව ඇසකින් බැලීමට ‍ඔහු පටන් ගත්තේය.

1919 පමණ වන විට ආපසු (Tianjin) ටියැංජින් බලා ගිය චෞ එහි ශිෂ්‍ය සංගමයකින් ප්‍රකාශයට පත් කළ පුවත්පතක සංස්කාරක ධුරයෙහි වැඩ ආරම්භ කළේය. ඔහු එම පුවත්පත ප්‍රයෝජනයට ගනිමින් චීනයේ යුද්ධාධිපතියන්ද අන්ත දුගීභාවය ද අවිද්‍යාව ද කම්කරුවන් සූරා කෑම සහ ළමයින්ට සිදුවන අසාධාරණකම් දැඩිසේවිවේචනයට ලක් කෙළේය. මේ විවේචනයන් විඳදරා ගැනීමට නොහැකි වූ පාලකයන් පුවත්පත් ප්‍රකාශනය තහනම් කිරීමට පියවර ගත්හ.

පසුව පොලිස් ප්‍රධානියා සේවයෙන් ‍පහකර දමන ලෙස ඉල්ලා ශිෂ්‍ය නියෝජිත පිරිසක් මෙහෙයවීමේ වරදට චෞ එන් ලායි වහාම සිර අඩස්සියට පත් ‍ෙකළේය. එහෙත් සිර මැදිරියක තබා එහි යකඩ පොලු අතර චෞගේ සටන්කාමීත්වය පාලනය කිරීමට හෝ සිර කැර තැබීමට පාලකයන්ට හැකිවූයේ නැත. හේ සිර මැදිරියේ සිට ම ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙය වූයේය. චෞගේ එකම බලාපොරොත්තුව වූයේ සිර ගෙදරින් නිදහස ලත් වහාම චීනය පුරා සිටින තරුණ තරුණියන් ඒකරාශී කොටගෙන නව සටන් ව්‍යාපාරයක් ආරම්භ කොට එහි පෙරමුණ ගැනීමයි. 1920 දී සිරෙන් නිදහස් වූ පසු ඔහු එම අදහස මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් යුරෝපය බලා යාත්‍රා කෙළේය.

චෞ එන් ලායි තම ජීවිතයේ ඉතිරි සිවු වසර කැප කෙළේ අන්තර් ජාතිකව තම සටනට සහයෝගයක් ලබා ගැනීම සඳහාය. ඔහු නිරන්තරයෙන් ලන්ඩනයට හා මොස්කව් නගරවලට ගියේය. එහෙත් හේ වැඩි වශයෙන් ගැවසුණේ පැරීසිය, බර්ලිනය ආදි ප්‍රදේශයන්වලය. ඔහු ඒ ප්‍රදේශවල විවිධ සමාජ කණ්ඩායම් ඇසුරු කරමින් තරුණ චීන භට හමුදාවක් පිහිටුවා ගත්තේය. ඒ සමඟම ‘ටියන්ටිසින්’ හි පුවත්පත් දෙකකට ලිපි සම්පාදනය ‍ෙකළේය. පතල්වල මෙන්ම මෝටර් රථ කර්මාන්ත ශාලාවල වැඩ කරමින් කම්කරුවන්ට දැනුවත් කරමින් ඔවුන් සංවිධාන ‍ෙකළේය.

‍මේ අයුරින් තම සටන් පසුබිම ගොඩනගා ගැනීමටත් එය සංවිධානගත කිරීමටත් වෙහෙසවුණේය. චෞ 1924 නැවතත් චීනයට පැමිණියේය. ඒ වන විට ගොඩනැගෙමින් තිබුණු කොමියුනිස්ට් පක්ෂය සමඟ මිත්‍ර සන්ධානයක සිටි සුන් යැට් සෙන්ගේ කුඩ්චින්තාං ආණ්ඩුවට තම සේවාව ලබාදීමට චෞට හැකි විය.

ලෝකයේ බොහෝ විප්ලවවාදී සංවිධාන ආදරය තහනම් වචනයක් කැර තිබුණත් චෞ එන් ලායි විප්ලවය අතරතුර ප්‍රේමයේ උණුසුම විඳින්නට අමතක කෙළේ නැත. වසර තුනක තම හිෂ්‍ය සටන් ව්‍යාපාරයේ දී දැන හැඳිනගත් යුවතියක් සමඟ ප්‍රේමයේ සුන්දරත්වය බෙදා ගැනීමට චෞ පටන් ගත්තේ ය. එම ආදරයේ ගනුදෙනුව බොහෝ විට සිදුවූයේ ලිපි මඟින් පමණි. ටියන්ටිසින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක් වූ ඇය ‍ඩෙං යිංචාඕ (Deng Yingchao) සිය කැමැත්තෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයට ඇය බැඳුණි. පැරිසියෙන් පිටවීමට ආසන්න වෙද්දී චෞ එන් ලායි ඇයට ලිපියක් ලියමින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කෙළේය. මේ විවාහය සිදු වූ ආකාරය ද හරි අපූරුය. 1925 දී කැන්ටන්හි පැවැත්වුණු චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්සවයක දී චෞ එන් සහාං ඩෙං යි චාඕ යුග දිවියට එළඹුණහ.

එහෙත් බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන අලුත් ජීවිතයේ මිහිරියාව විඳන්නට චෞට ‍හා ඩෙං යිං චාඕට හැකිවූයේ නැත. විසිපස් වසරකට වැඩි දරුණු විප්ලවීය කාල පරාසය තුළ මොවුන් දෙදෙනාට අඹු සැමියන් ලෙස එක්වීමට ලැබුණේ දෙතුන්වතාවක් පමණි. එසේ වුවද විප්ලවය නිම වී චෞ මහජන චීන ජන රජයේ අගමැති බවට පත්වන තෙක් ගෙවුණු වසර 45ට වැඩි කාලයෙන් පසුව ද ඔවුන් දෙදෙනා අතර වූ ප්‍රේමය කිසිදු අඩුවක් නැතිව එදා ලෙසින්ම පැවතියේය. එහෙත් අවාසනාවකට මෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවා උපතේදී ම මිය ගියේය.

1927 අගෝස්තු 01දා මීට අවුරුදු 87කට පර අද වැනි දින‍ චෞ එන් ලායිගේ දේශපාලනනායකත්වයෙන් දියත් කරන ලද නාන්චාන් (Nanchang uprisinp) සන්නද්ධ ප්‍රහාරය තුළ ‘චීන මහජන විමුක්ති හමුදාවේ’ ඓතිහාසික ආරම්භය සනිටුහන් වේ. අගෝස්තු 01 දා පාන්දර දියත් කළ ප්‍රහාරයෙන් පසු පැය පහක සටනින් සතුරා පරාජය කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘ගොවි කම්කරු රතු හමුදාව’ උදේ නමය වන විට ඒ මහා නගරය අල්ලාගෙන චෞ එන් ලායිහි ලොං හා සුං චිං ලිං මැතිනිය ඇතුළු 25 දෙනෙකුගේ විප්ලවවාදී කමිටුවකට නගර පාලනය භාර දෙන ලදී. ඊට මාස කීපයකට පෙර කුඩ්මින්තාන් ආණ්ඩුවේ බලය අල්ලා ගත් චියැං කායි ෂෙක් චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවැති සමගි සන්ධානය බිඳ දමා දක්ෂිණාංශික යුද්ධාධිපතීන් හා එක්වී කොමියුනිස්ට්ඝාතනයක් ආරම්භ කර තිබිණි. චියැං කායි ෂෙක්ගේ ප්‍රතිප්‍රහාරය හමුවේ නාන්චාං නගරය හැර පියා ගිය රතු හමුදාව (පසුව ‘මහජන විමුක්ති හමුදාව’) සිය දකුණු ගමන ආරම්භ කර පළමුවන ග්‍රාමීය මූල කඳවුර ප්‍රදේශය පිහිටුවා ලූවේ 1927 අගෝස්තු මාසය තුළය.

මා ඕ සේතුං සහ චෞ එන් ලායිගේ ඒකාබද්ධ හමුදාවට වසර තුනක් මුළුල්ලේ චියැං කායි ෂෙක්ගේ හමුදාව පහර දුන්නේය. 1934 – 1935 පැවැත්වුණු යෝධ පා ගමනට සහභාගී වූ 80000 කට වැඩි සාමාජිකයින්ගෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් අතරමගදී මිය ගියහ. ඒ හේතුවෙන් චීන කොමියුනිස්ට් ව්‍යාපාරය ‘යෙනෑන්’ කඳුකරයේ ගල්ගුහාවලට ‍කොටු විය. මෙම ඓතිහාසික පා ගමනේදී මාඕ සේතුංගේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ චෞ එන් ලායි ය. හේ සෑම රාත්‍රියක ම නොනිදා සිට පසු දින ගමන් මාර්ග සැලසුම් ‍ෙකළේය.

මේ සමයේදී වේදනාකාරී සිද්ධීන් කීපයකට මුහුණදීමට සිදුවිය. ජපානය සමග යුද්ධය කුඩ්මිත්තාන් කොමියුනිස්ට් පශ්චාත් සංග්‍රාමික රාජ්‍යයක් පිහිටුවීමට අමෙරිකාව ගත් අසාර්ථක උත්සාහය නැවත අලුත්වූ චීන සිවිල් යුද්ධය ඉන් කීපයකි.

අවසානයේදී චියැං කායිෂෙක් ෆේමොසා දූපතට (තායිවානයට) පළා ගියේය. 1949 ඔක්තෝබර් පළමුවැනි දින චෞව පසෙකින් හිඳුවාගෙන මාඕ සේතුං චීන මහජන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් ‍ෙකළේය. චීන කොමියුනිස්ට් නායකයන්ගේ බිහිසුණු අරගල සමය ඒ සමඟම අවසන් විය. සියල්ල නිමාවට පත් වෙමින් එළඹුණේ තම බලය ක්‍රියාත්මක කරන සමයයි.

චෞ එන් ලායි පළමුව අවදානය යොමු කෙළේ දිගු කලක් තම රටට නිග්‍රාහත්මකව අහිමි කැර තිබූ ජාත්‍යන්තර පිළිගැනීම නැවත ගොඩනැගීමයි. ඒ සඳහා තම බලය හා ශක්තිය උපරිමයෙන් යෙදවීමට චෞ කටයුතු ‍ෙකළේය. එහෙත් අමෙරිකා එක්සත් ජනපදය ඊට එරෙහි විය.

තායිවානය නියම චීනය යැයි ප්‍රකාශ කරමින් විවිධ හරස් කැපීම් කරන්නට වොෂිංටනය නොගත් උත්සාහයක් නැත. 1954 දී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේ දී චෞ එන් ලායිට අතට අත දීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඩලාස් ප්‍රතික්ෂේප කළේය. මේ සිද්ධිය අදටත් චීන ජාතිකයන් මතක් කරන්නේ දැඩි කෝපයෙන් හා වේදනාවෙනි. කෙසේ වුවද මහජන චීනයට එක්සත් ජාතීන්ගේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනීමට චෞ එන් ලායි සමත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ චීනය අමෙරිකා එක්සත් ජනපදය හා සමාන රාජ්‍යයක් බවට පත් වීමේ ක්‍රියාවලිය සාර්ථක වීමයි.

අගමැති චෞ එන් ලායි නිතරම වෙහෙස නොබලා කටයුතු කෙළේය. උදෑසනින්ම පිබිදෙන චෞ එන් ලායි එතැන් පටන්ම තම රාජකාරී කටයුතු අරඹයි. මාඕ සේතුං නිරන්තරයෙන් දුම්පානය කළත් චෞ දුම්කොළ පානය පිළිකුල් කෙළේය. එසේම චෞ චීන අගමැතිධුරයේ වැඩභාරගත් පසු මත්පැන් පානය ද නතර කැර දැමීය.

චන්දන විජේකෝන්

ජාතික විධායක මණ්ඩල සභික

ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය

 බේඩ්න් පවල් සාමිවරයා පිළිබඳ දිනමිණ පත්‍රයෙන්


http://archives.dinamina.lk/sithijaya/art.asp?id=2011/06/23/spg06_0

ගැලීලියෝ ගැලීලි


දිවයින පත්‍රයෙන්… 


විශ්වය පිළිබඳ යථාර්ථය ගැන
හෙළිකළ විද්වතා – ගැලීලියෝ

ලොව බොහෝ රටවල අභ්‍යවකාශයේ ඇති ග්‍රහලෝක සහ තාරකා පිළිබඳවත් වෙනත් විද්‍යාත්මක අභිරහස්‌ ගැනත් පරීක්‍ෂා කර බැලීමට ආකාශ වස්‌තු පරීක්‍ෂණාගාර පිහිටුවා ඇත. මෙම පරීක්‍ෂණාගාරවල නානා අයුරින් වූ දුරේක්‌ෂ සවිකර තිබේ. මේවායේ උපකාරයෙන් සෞරග්‍රහ මණ්‌ඩලය පමණක්‌ම නොව, නොයෙක්‌ නොයෙක්‌ ග්‍රහ වස්‌තූන් පිළිබඳවද ගවේෂණය කරමින් අදාළ ඡායාරූප පවා ලබාගැනීමට පුළුවන්කම තිබේ. හිරු සඳු ඇතුළු වෙනත් ග්‍රහලෝක පිහිටා ඇත්තේ පෘථිවියෙහි සිට කොපමණ දුරකින් දැයි සොයා ගැනීමට දැන් පුළුවනි. මෙම ගවේෂණ තොරතුරු මගින් මිනිසා සඳ ඇතුළු තවත් ග්‍රහ වස්‌තූන් පවා තරණය කිරීමට දක්‌ෂවී තිබේ. ශතවර්ෂ කීපයකට පෙර තමන් විසින් නිපදවන ලද දුරේක්‌ෂය ගැන එදා ගැලීලියෝ ප්‍රසිද්ධියට පත්වූයේය. මෙම ශ්‍රේෂ්ඨ තාරකා විද්වතා තම නිරීක්‍ෂණ ලිතව ලේඛනගතකිරීම නිසා සඳ මත ඇති කඳුවැටි, උස්‌බිම් ආවාට දැක බලා ගන්නට දැන් පුළුවන්ය. සෝවියට්‌ ජාතික ගුවන් නියමු යූරි ගගාරින් අභ්‍යවකාශයට පිවිසි ප්‍රථම පුද්ගලයා වුවත් ඒ දෙස විමසිල්ලෙන් නිරීක්‍ෂණය කළ ප්‍රථම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ගැලීලියෝය.

ක්‍රි. ව. 1564 වර්ෂයේ දී ගැලීලියෝ ගැලීලි ඉතාලියේ පීසා නගරයේ උපත ලැබීය. ඔහුගේ පියා බුද්ධිමත් උගත් අයෙකි. ඔහු තම පුතු (ගැලීලියෝ) වෛද්‍යවරයකු කිරීමට සිතා සිටියේය.

කොයිදේටත් කාර්යශූර ගැලීලියෝ යමක්‌ දුටුවිට කල්පනා කරන්නේ මෙය මොකක්‌ද, කොහි සිට ආවේද මෙය හැදුණේ කොහොමද, මින් කළ හැකි දේවල් මොනවාද යනුවෙනි. දිනක්‌ මොහු තම නිවසේ වාඩිවී සිටින විට තමා ඉදිරියෙන් වූ බාල්කයේ ලාම්පුවක්‌ එල්ලා තිබිණි. මෙම ලාම්පුව තදින් සුළං හමනවිට තදින් පැද්දෙයි. සුළං අඩුවෙන් හමනවිට ලාම්පුව හිමින් පැද්දෙයි. මෙම පැද්දෙන ලාම්පුව දෙස විමසිල්ලෙන් බලා සිටි ගැලීලියෝ එක්‌තරා විද්‍යාත්මක සිද්ධාන්තයක්‌ අවබෝධ කර ගත්තේය. එය “අවලම්බන මූලධර්මය ලෙස හඳුනා ගැනිණි. බිත්තිවල එල්ලා ඇති පැරණි ඔරලෝසුවල පැද්දෙන බට්‌ටා ඔරලෝසුවේ පහළ කොටසේ එල්ලී ඇත. මෙම බට්‌ටා පැද්දෙනවිට ඔරලෝසුව ක්‍රියාත්මක වෙයි. බට්‌ටා හෙවත් අවලම්බකය ගැන මූලධර්මය අවබෝධ කරගෙන එය මුලින්ම ප්‍රයෝජනයට ගත්තේ ගැලීලියෝමය. ගැලීලියෝගේ පුත්‍රයා තම පියාගේ මඟපෙන්වීම අනුව මෙවන් ඔරලෝසු ප්‍රථම වරට නිෂ්පාදනය කළේය.

වරක්‌ ගැලීලියෝට උගන්වන ගුරුවරයකු ඔහුට පැවැසුවේ අසමාන බරින් යුත් වස්‌තු 02 ක්‌ ඉහළ සිට පහළට එකවර අතහැරියහොත් බරින් වැඩි වස්‌තුව පළමුව පොළොවට ළඟා වන බවත් බරින් අඩු වස්‌තුව බිමට වැටෙන්නේ ඊට පසුව බවත්ය. ගැලීලියෝ තම ගුරුතුමාගේ අදහසට එකහෙළාම විරුද්ධ විය. එය ඔහු පිළිගත්තේ නැත. මොහු වටහා ගෙන සිටියේ බරින් වැඩි වුවත් අඩු වුවත් සියලුම වස්‌තූන් එකම බලපෑමක්‌ යටතේ එකම වේගයකින් පොළොවට ළඟාවන වගකි. මෙහි සත්‍යතාවය තහවුරු කිරීමට දිනක්‌ ගැලීලියෝ තම ගුරුවරුන් සමඟ පීසා නගරයේ වූ උස්‌ කුලුන නැරඹීමට ගියේය. මොහු ගඩොල් කැට දෙකක්‌ දෑතට ගත්තේය. එක්‌ ගඩොලක්‌ අනෙක්‌ ගඩොල මෙන් දහ ගුණයකින් බරින් වැඩිවිය. ගැලීලියෝ මෙම අසාමාන්‍ය ගඩොල් කැට දෙක ගෙන පීසා කුලුන මුදුනට නැංගේය. ගුරුවරු සහ යහළු ශිෂ්‍යයන් කුලුන පාමුල සිටියහ. කුලුනේ මුදුනේ සිට ගැලීලියෝ ගඩොල් දෙකම එකම වෙලාවට එකවරම බිමට අතහැරියේය. ගඩොල් කැට දෙකම එකම වේලාවක්‌ තුළ බිම පතිත විය. ගුරුවරු මවිතයට පත්වූ අතර මේ සිද්ධියෙන් ඇතැම් ගුරුවරු ගැලීයෝ සමඟ තරහ වූහ. මෙම අකරතැබ්බය නිසා ගැලීට පීසා විදුහලින් ඉවත්වී ඉතාලියේ පැඩුවා නගරයේ විදුහලකට ඇතුළුවීමට සිදුවිය. පැඩුවා සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය පදවියක්‌ ලත් මේ විද්වතා තම 38 වැනි විය පසු කරද්දී තවත් ශ්‍රේෂ්ඨ සොයා ගැනීමක්‌ ගැන අනාවරණය වෙයි. එය “උෂ්ණත්වමානය” සොයා ගැනීමයි. අනතුරුව මිනිස්‌ සිරුරේ නාඩි වැටෙන වේගය මැන ගැනීම සඳහා තවත් ක්‍රමයක්‌ සොයා ගත්තේය. මින් වෛද්‍යවරුන්ට මහත් පහසුවක්‌ අත්විය.

ගැලීලියෝ වරක්‌ වැනීසියේ ගමන් කරන විට බෙල්ජියම් ජාතිකයකු විසින් දුරින් ඇති වස්‌තූන් පැහැදිලිව දැකගතහැකි උපකරණයක්‌ නිර්මාණය කර තිබුණ වග දැන එය උඩ යට මාරුවී ඇති බව සොයා ගත්තේය. ගැලීලියෝද මේ අනුව දුරදක්‌නයක්‌ නිපදවීමට කටයුතු කළේය. ලෝහයෙන් තනන ලද සිහින් දිග නලයක්‌ ගෙන එහි කෙරවල් දෙකට වීදුරු කාච දෙකක්‌ සවි කළේය. ගැලීගේ පළමු දුරදක්‌නය මෙය වන අතර, මේ මගින් සැතපුම් කීපයක්‌ දුර වස්‌තූන් පැහැදිලිව දැකීමට පුළුවන් විය. වැනීසියේ සිටි ප්‍රභූවරුන්ට හා මහාචාර්යවරුන්ට මෙම නව සොයා ගැනීම පෙන්වා දුර ඇති නැව් ළංවී වඩා පැහැදිලිව පෙනෙන වග දුටහ.

මෙම දුරේක්‌ෂය සොයා ගැනීමෙන් පසු ගැලීලියෝ තව තවත් ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වූයේය. පසුව දුරේක්‌ෂ නිර්මාණය කර වෙළෙඳපොළට පවා නිකුත් කෙරිණි.

තම බලගතු දුරේක්‌ෂය මගින් හිරු සඳු ගැන නිරීක්‍ෂණය කළේය. සඳු පෘථිවිය අසලින්ම ඒවාට භ්‍රමනය වන වග ඔහු ප්‍රකාශ කළේය. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන වගද හෙළ sකළේය. සියලුම ග්‍රහ වස්‌තු අවකාශයේ පිහිටා ඇත්තේ හිරු කේන්ද්‍රකොටගෙන බව තතු හෙළි කරන ලදී.

ඒ වනවිට හිරු සඳු – තාරකා ගැන එකල විසූ පාදිලිවරුන් – මහාචාර්යවරුන් සිතා සිටි විදිය, මති මතාන්තර, ගැලීලියෝ විසින් අසත්‍ය බොරු බව ඔප්පු කරන ලදී. මේ හේතුව නිසා පාදිලිවරුන් සහ අනෙක්‌ පූජකවරුන් ගැලීලියෝ සමඟ තරහ මරහ අමනාපකම් ඇතිවීමෙන් ගැලීලියෝට වැනීසිය අතහැර දමා යැමට සිදුවිය. ඔහු තම දියණිය වාසය කළ µaලෝරන්ස්‌ නගරයේ පදිංචියට ගියේය. ගැලීලියෝ ගේ අදහස්‌වලට විරුද්ධවූ පාලිදිලිවරු පාප්තුමාට කේලාම් කියා ඔහු රෝමයට ගෙන්වා ගත්තේය. ඔහුට විරුද්ධව නඩු විභාගයන් පැවැත්විණි. ක්‍රිස්‌තු ධර්මයට විරුද්ධව මිත්‍යා මත පැතිරවීමේ චෝදනා ඔහුට එල්ලවිය. ගැලීලියෝට මෙවන් සාපරාධී මත අන් අයට කියා නොදෙන ලෙසට අවවාද කෙරිණි. පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන වග මොනම අවස්‌ථාවකදීවත් සිය මුවින් පිට නොකරන ලෙසට නියෝග ලැබිණි.

රෝමයේ සිට යළි ආපහු ආ ගැලීලියෝ විසින් පර්යේෂණ කටයුතු නැවත අරඹමින් අන්වීක්‍ෂයක්‌ නිර්මාණය කළේය. මෙම අන්වීක්‌ෂයෙන් ඉතා කුඩා වස්‌තූන් විශාල කර දැකීමට පුළුවන. මෙම අන්වීක්‍ෂ ක්‍රමය මගින් බොහෝ විෂබීජ මගින් ඇතිකරන ලෙඩ රෝගවලට ප්‍රතිකාර දිය හැකි විවිධ ඖෂධ රාශියක්‌ සොයා ගැනීමට හැකිවිය.

තමාගේ තරුණ කාලය පසු කරද්දී ගැලීලියෝ සුවිශේෂී ග්‍රන්ථයක්‌ ලීවේය. මෙම පොතින් හිරු සඳු සහ තරු සම්බන්ධව තමා සොයාගත් තොරතුරු තර්කානුකූලව ඉදිරිපත් කෙරිණි. සෞරග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා හිරු බවත් අන් සියලුම ග්‍රහලෝක ඒ වටා භ්‍රමණය වන බවත් ගැලීලියෝගේ ග්‍රන්ථයෙන් අනාවරණය කර තිබේ.

ආගමික අධිකරණය මගින් ගැලීලියෝට තහංචි පනවා තිබුණත් තම අදහස බැහැර නොකළේය. එහෙත් අධිකරණයේ බලහත්කාරකමට හිස නමා පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී යන අධිකරණ ලියවිල්ලට ඔහුට අත්සන් කිරීමට සිදුවිය. මම මෙසේ අත්සන් කිරීමට අවාසනාවන්ත වීමෙන්, විශ්වයේ යථාර්ථය වෙනස්‌ නොවන වග ඔහු හෙළි කළේය.

රෝගාතුරවූ ගැලීලියෝ වසර 78 ක්‌ ආයු වළඳා ක්‍රි. ව. 1642 දී මෙලොවින් සමුගත්තේය.

ආර්. ඇම්. ටී. බි. රත්නායක


http://skylk.com/%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA-2/

http://www.google.lk/url?sa=t&source=web&cd=7&ved=2ahUKEwiQ4r_uu9XYAhWCE5QKHVlRCQgQFjAGegQIDBAB&url=http%3A%2F%2Fwww.danuma.lk%2Fsinhala%2Findex.php%3Foption%3Dcom_content%26view%3Darticle%26id%3D16304%253A2010-06-14-05-20-16%26catid%3D94%253Abiography%26Itemid%3D117%26lang%3Dsi&usg=AOvVaw0MLxXZirtfP8RO7X0tyo0u

මඩවල එස්.රත්නායක මහතා

මඩවල එස්.රත්නායක / madawala s rathnayake

1929 දෙසැම්බර් මස මඩවල නම් අලව්වට කිට්ටු ගම් ප්‍රදේශයක මඩවල එස්. රත්නායක මහතා උපත ලැබීය. පළමුව හුම්බුලුව පාසලටත් දෙවනුව කෑගල්ලේ පාසලකටත් ඇතුළු වී අධ්‍යාපන කටයුතු කළේය. මොහු සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය “පෙම් අම්මා” නමින් පාසල් වියේදීම මුද්‍රණය කළේය. පසුව මහනුවර සිල්වෙස්ටර් කොලීජියට ඇතුළත් වී එහිදී ඉගෙනීම අවසන් කර රැකියාවක් සොයා කොළඹට ගියේය.

                      ප්‍රථමයෙන් ඔහු දිනමිණ පුවත්පතේ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළේය.1952 වර්ෂයේදී පැවැත්වූ කෙටි කතා තරඟයෙන් මඩවල මහතාගේ “පීතර මාමා” කෙටි කතාවට දෙවැනි ස්ථානය හිමි විය.

                     බුදු හිනාව, නොමළ මල්, වැහි වළාකුළු, තවලම් කාරයෝ, පහන නිව්වා කටින් පිඹලා, උපන්දා සිට කරපු පව් නැත, සුවඳ හමන අනාගතයක් යන කෙටි කතා සංග්‍රහයන්ද, රුබයියාට්, රොබින්සන් කෘෘසෝ යන පරිවර්තනයන්ද, අක්කර පහ, සිත නැති බඹ ලොව, පානෙන් අඳුරට, සඳ පායා කන්ද කපා, අම්බලම් පාළුවෝ, අක්කයි මායි, අළුත ගෙනා මනමාලි, නමින් නවකතාද ඔහු විසින් ලියා පළ කරන ලදී. අක්කර පහ නවකතාවට 1954 දී දොන් පේදිරික් සාහිත්‍ය ත්‍යාගය ලැබුණු අතර, එය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා විසින් සිනමාවට නැගීය.

                      ගීත නිර්මාණයෙහි මනා හැකියාවක් ප්‍රකට කළ මඩවලයන්ගේ ගීත තවමත් ජනප්‍රියව පවතී. “මින්දද හීසර”, “බඹරෙකු අාවයි”, “සැදෑ කළුවර”, “හීන හතක් මැද”, “”හඳ පායා සිනාසේවි”, “තණ්හා ආශා” වැනි ගීත ඉන් කිහිපයකි.

                     මඩවල එස්. රත්නායක මහතා ගුවන් විදුලියේ පිටපත් රචකයෙකු හා සම්පාදක වරයෙකු ලෙස 1954 සිට කටයුතු කළේය. ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන් අතර පද්‍යාවලිය, ටිකිරිලියා, යෞවන සමාජය, විජය ගීත, මධුවන්ති යන එ්වා කැපී පෙනුණි. පසුව රූපවාහිනියේ විචිත්‍රාංග අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

                     1997 ජනවාරි මස 09 වැනිදා මඩවල එස්. රත්නායක මහතා මෙලොවින් සමු ගත්තේය.

පොන්නම්බලම් අරුණාචලම් මහතා

http://www.yuthukama.com/2015/09/WellalaDeshapalanaya.html?m=1

ලක් මවට අනඟි සේවයක් කළ අරුනාචලම් පොන්නම්බලම් මහතා

යාපනයේ මනිපායි හි උසස් ද්‍රවිඩ පවුලක 1853 සැප්තැම්බර් 04 වන දා උපත ලැබූ අරුනාචලම් පොන්නම්බලම් මහතා මෙරට බිහි වූ කීර්තිමත් දේශපාලඥයන් අතළොස්සෙන් එක් අයෙකි. ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ හෙතම සිවිල් නිලධාරියකු ද වේ. මෙතුමාගේ පරපුරේ බොහො දෙනා මෙන්ම මෙතුමා ද දේශ හිතෙෂී පුත‍්‍රයකු විය. ව්‍යවස්ථාදායක මන්ත‍්‍රන සභාවේ සිටි කුමාරස්වාමි හා පොන්නම්බලම් රාමනාදන් අරුනාචලම් මහතාගේ, සොහොයුරන් වන අතර ශී‍්‍රමත් කුමාරස්වාමී මෙතුමාගේ  ප‍්‍රත‍්‍රයා වේ. එසේම ආනන්ද කුමාරස්වාමි යනු අරුනාචලන් මහතාගේ ඇවැස්ස ඥාතියා ය.මෙරට ඉංගී‍්‍ර සි පාලනයකට යටත්ව තිබූ අවදියේ ඔවුන්ගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපයන් පිළිබඳ කලකිරීමට පත් ලාංකික ජාති හිතෛෂීහු ජාතිභේද හා ආගම් භේද ආදිය නොසලකා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹුවේ ය. අරුනාචලම් මහතා ද අනෙකුත් ජාතික වීරයන් සමඟ එලෙස විරෝධතාවය දැක්වූයේ ය.කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යපනය හැදෑරූ මෙතුමා දාහත් වන වියේ දී රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය දිනා ගත්තේ ය. ඉන් අනතුරු ව ක්‍රෝම්බි‍්‍රජ් විශ්වවිද්‍යලයට ඇතුළත් විය. එහි දී සාහිත්‍යයත්, ගණිතයටත් උසස් ලෙස දස්කම් දැක් වූ එතුමා එම්. ඒ. උපාධිය ද ලබා ගත්තේ ය.ප‍්‍රථම ලාංකික සිවිල් සේවා නිලධාරියා වීමේ ගෞරවය දිනා ගන්නා අරුනාචලම් මහතා ඒ සඳහා ඉදිරිපත් වූයේ 1875 දී ය. සිවිල් නිලධාරියකු ලෙස මහත් සේවයක් කළ මෙතුමා පොලිස් මහේස්ත‍්‍රාත්, දිස්ති‍්‍රක් විනිශ්චකාර, රික්වෙස්ට් කොමසාරිස්, රෙජිස්ටාර් ජෙනරාල් හා සංඛ්‍යා ලේඛන අධිකාරී ආදී තනතුරු රැසක් දැරුවේ ය.

මෙතුමාට විධායක මන්ත‍්‍රන සභාවේ අසුනක් ලැබුණු අතර කරන ලද සේවය ඇගයීම සඳහා නයිට් නාමයක් ද පිරිනැමුණි.1913 දී එංගලන්තයට ගොස් සමාජ සේවය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගත් අරුනාචලම් මහතා නැවත ලංකාවට පැමිණ 1915 දී ශී‍්‍ර ලංකා සමාජ සේවා පෙරමුණ පිහිටුවා ගත්තේ ය. බොහෝ කලක් රජයේ නිලධාරියකු ලෙස සේවය කළ එතුමා 1919 ප‍්‍රථම කම්කරු සමිතිය බිහි කළේ ය. ඒ අනුව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආදි කර්තෘවරයා වීමේ ගෞරවය ද අරුනාචලම් මහතාට හිමි විය.නිදහස් ජාතික වීරයන් අවධි කරවන දේශනයක් වූ ‘අපේ දේශපාලන අවශ්‍යතා’ මැයෙන් මෙතුමා 1917 දී කරන ලද දේශනය එකල බොහෝ කතා බහට ලක්විය.ශී‍්‍ර ලංකාවේ පුරෝගාමී නිදහස් සටන් නායකු වන අරුනාචලම් මහතා 1916 දී ලංකා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පෙරමුණ නම් සංගමයක් අරඹා මෙම සටනට තවත් ශක්තියක් එකතු කළේ ය. පසුව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පෙරමුණ, ලංකා ජාතික සංගමය නමින් ප‍්‍රබල සංවිධානයක් බවට පත් විය. එහි දී ප‍්‍රථම සභාපතිවරයා වූයේ එතුමා ය.අධ්‍යාපන කටයුතු නැංවීම පිණිස විවිධ උද්ඝෝෂනයන් දියත් කළ මෙතුමා 1906 දී පිහිටුවන ලැබූ ලංකා විශ්වවිද්‍යාල සංගමයේ ආදි කර්තෘ මෙන්ම ප‍්‍රථම සභාපති වරයා ද වේ. එතුමාට ගරු කරනු පිණිස අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශාලාවක් අරුනාචලම් ශාලාව ලෙස නම් කොට ඇත.ඉතිහාසය පිළිබඳ ගුරු අත්පොතක් වූ ‘ලංකා ඉතිහාස සටහන්’ නම් ග‍්‍රන්ථය අරුනාචලම් මහතාගේ විශිෂ්ට ලේඛන ශක්තිය පිළිබිඹු කරයි. රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධූරය දැරූ එතුමා එම සංගමය විසින් පළ කරන ලද සඟරාවට දෙමළ සාහිත්‍ය හා ලංකා ඉතිහාසය පිළිබඳව අගනා ලිපි ද සැපයුවේ ය.ලක් දෙරණට, සාහිත්‍යයට, අධ්‍යාපනයට අනඟි මෙහෙයක් සිදු කළ අරුනාචලම් පොන්නම්බලම් නම් ලංකා පුත‍්‍රයා අප අතර අමරණීය චරිතයක්ම වන්නේ ය.

ශෂිකා ලක්මාලි පෙරේරා

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය

https://si.m.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92_%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1_%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1


මහවැලි සංවර්ධන වැඩසටහන

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනාක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බ්‍රිතාන්‍යය,ජර්මනියකැනඩාවස්වීඩනය වැනි රටවල් වලින් ආධාර හිමිවිය.

මහවැලි ගඟ සංවර්ධනයසංස්කරණය

1912 ව්‍යවස්ථා සභාවේ පළමු දෙමළ නියෝජිත කේ. කනකසභාපති මහතා, මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යාම ගැන පළමුවෙන්ම අවධානය යොමු කල පුද්ගලයා වෙයි. පසුව ඩී.එස්. සේනානායක,එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරු සහ තවත් අය මහවැලි ගඟ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාර ගැන අවධානය යොමු කළහ.

මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ඇරඹුනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1950 ගණන් වල සිටයි.[1] දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ පසුව කැනඩා රජයේ ආධාර හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනූව, මහවැලි බහු කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය.

සංවර්ධන වැඩසටහනේ අරමුණුසංස්කරණය

  • නව ජනාවාස ඇතිකිරීම
  • විදුලිබලය උත්පාදනය
  • වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය
  • ගංවතුර පාලනය

මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.

ක්‍රියාවට නැංවීමසංස්කරණය

වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.

වැඩසටහන ආරම්භ කිරීමසංස්කරණය

1970 පෙබරවාරි 28 වන දින ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරයට මුල්ගල තබමින් මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කෙරීය.

ව්‍යපෘතිය පිරිහීමසංස්කරණය

1977 වන විට මහවැලි ව්‍යාපාරයේ ප්‍රගතිය අපේක්ෂා කල තරම් නොවීය. එවකට රටේ පැවැති දුර්වල ආර්ථික තත්වය හා අවශ්‍ය තරම් පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍ර වල නිලධාරීන් හිඟ වීම ඊට හේතු විය.

කඩිනම් වැඩ පිළිවෙලසංස්කරණය

මහවැලි මහ සැලැස්ම යෝජනා කොට තිබුණේ වසර 30 කදී අනුක්‍රමයෙන් නිම කිරීමටයි. නමුත් ඒ සමය වන විට රටෙහි ආර්ථිකයේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබූ නිසා මහවැලි ව්‍යාපාරයේ කටයුතු කෙටි කලකින් නිම කිරීමට අත්‍යාවශ්‍ය විය. ඒ අනූව 1977 ඔක්තෝම්බර් 12 වනදා මහවැලි සංවර්ධන මණ්ඩලයට රැස්වූ එවක අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.

පසුව එම වසරේම ජනපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක නායකත්වයෙන්, අගමැති රණසිංහ ප්‍රේමදාසමහතාගේ මගපෙන්වීම යටතේ මහවැලි කඩිනම් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. මහවැලි කඩිනම් වැඩ පිළිවෙලේ වගකීම, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට භාර විය.

කඩිනම් වැඩ පිළිවෙල යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිමවිණි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.

වැඩසටහන යටතේ ඉදිකල ජලාශසංස්කරණය

වික්ටෝරියා ජලාශය

  • පොල්ගොල්ල ජලාශය
වැඩ ඇරඹීම – 1970 පෙබරවාරි 28 දින
විවෘත කිරීම – 1976 ජනවාරි 8 දින
  • වික්ටෝරියා ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ මුල්ම ජලාශය, බ්‍රිතාන්‍ය රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම – 1978
විවෘත කිරීම – 1985 අප්‍රියෙල් 12 (විවෘත කිරීමේ අවස්තාවට එවක බ්‍රිතාන්‍ය අගමැතිනිය මාග්‍රට් තැචර් මැතිණිය සහභාගී වූවාය)

කොත්මලේ ජලාශය

  • මාදුරුඔය ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ ජලාශය. කැනඩා රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම –
විවෘත කිරීම – 1983 ජූලි 2 දින
වැඩ ඇරඹීම – 1979 පෙබරවාරි 4 දින
විවෘත කිරීම – 1985 අගෝස්තු 24
  • රන්දෙණිගල ජලාශය[2](කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ අවසන් ජලාශය.බටහිර ජර්මනි රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම – 1982 නොවැම්බර් 21 දින
විවෘත කිරීම – 1988 නොවැම්බර් 31 දින
  • උල්හිටිය ජලාශය
වැඩ ඇරඹීම –
විවෘත කිරීම – 1983 අප්‍රියෙල් 9 දින
  • රත්කිඳ ජලාශය
වැඩ ඇරඹීම –
විවෘත කිරීම – 1988 අගෝස්තු 4 දින

මහවැලි සංවර්ධන අමාත්‍යාංශයසංස්කරණය

මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කරන සෑම කලාපයකටම අවශ්‍ය මං මාවත්, වාරි පද්ධති, නගර නිර්මාණ, පරිපාලන පද්ධති, රෝහල්, තැපැල් සේවා, ගබඩා, පොලීසි ආදී මූලික පහසුකම් ඇතිකිරීම සඳහා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් ඇරඹූ අතර, ඒ යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කෙරිණි.

ප්‍රතිලාභී කලාපසංස්කරණය

රටේ වියලි කලාපයෙන් 55% ක් ඇතුළත් වන මහවැලි මහ සැලැස්මට ප්‍රධාන කලාප 13 ක් අයත්ය.

කලාප සංකේතය ප්‍රධාන නගරය (යෝජිත) වර්තමාන තතවය කලාප විස්තරය
A අරඹා නැත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මහවැලි පහළ ඩෙල්ටාව
B (රංදියනුවර) අරඹා නැත පොළොන්නරුව, මඩකලපුව දිස්ත්‍රික්ක
මාදුරුඔය ද්‍රෝණිය
C ගිලාඳුරුකෝට්ටේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිමකෙරිණි බදුල්ල, අම්පාර දිස්ත්‍රික්ක
රොටවෙල ජලාශ ප්‍රදේශය
D( D1, D2) කදුරුවෙල මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය (පොළොන්නරුව දිස්ත්‍රික්කය)
කන්තලේ සහ වෙන්ඩරාසකුලම් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)
E නැත
F අදාල නැත අත්හැර දැමිණි වස්ගොමුව අභයභූමිය
G බකමූණ ඇළහැර, මින්නේරිය, යෝධ ඇල ප්‍රදේශ
H එලිසබෙත් රැජින නගරය ඇතුළුව තඹුත්තේගම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිමකෙරිනි කලා ඔය ද්‍රෝණිය
I මල්වතු ඹය ද්‍රෝණිය
J වවුනිකලම් ප්‍රදේශය
K කනගරායන්ආරු ප්‍රදේශය
L තන්නිමුරුප්පුකුලම් හා කන්තලේ ප්‍රදේශය
M යාං ඔය ප්‍රදේශය
M/H
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s