මතක පොතෙන් …   කලාපය 1 පිටුව 23

1925 ජන 3-ඉතාලියේ පාර්ලිමේන්තුව විසුරුවා හළ බෙනිටෝ මුසෝලිනි ඒකාධිපති පාලකයකු ලෙස එරට පාලනය ගෙන යෑම ආරම්භ කළේ ය.

1854 ජන 4- කැප්ටන් විලියම් මැක්ඩොනල් විසින් මැක්ඩොනල්ඩ් දුපත් සොයාගන්නා ලදි.

1907 ජන 6- මාරියා මොන්ටිසෝරි මැතිණිය විසින් ලොව ප්‍රථම මොන්ටිසෝරි පාසල රෝමයේ දී ආරම්භ කළාය.

1959 ජන 4- ලූනා 1 යානය පෘථිවි කක්ෂයෙන් ඈතට ගිය මුලුම යානාව බවට පත්විය.

1960 ජන 4-ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී යුරෝපා නිදහස් වෙළෙඳ සංගමය ( European Free Trade Association)   ආරම්භ විය.

1970 ජන 4- චීනයේ ටොන්ග්හායි tonghai පළාතේ සිදු වූ දරුණු භූ කම්පනයක් හේතුවෙන් 15000 කට වැඩි පිරිසක් මියගියේය.රික්ටර් මාපකයේ 7.7 ක් ලෙස භූමිකම්පාවේ අගය සටහන් විය.

 

වැඩිදුර කියැවීමට 

මියන්මාරය පිළිබඳ විකිපීඩියා විශ්ව කෝෂයෙන්…

https://si.m.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

ටී.එස්.එලියට් මහා  කවියා පිළිබඳ සිළුමිණ පත්‍රයට ධම්මික සෙනෙවිරත්න මහතා විසින් සපයන ලද ලිපියකින්…

අතිශයින් ම ගුප්ත චරිතයක් වූ ටී. එස්. එලියට්

විසිවෙනි සියවසට අයත් ලෝක පූජිත කවියකු ලෙස පිළිගැනෙන තෝමස් ස්ටියර්න්ස් එලියට් (ටී.එස්.එලියට්) ඇති හැකි පවුලක දරුවකු ලෙස 1888 සැප්තැම්බර් 26 වැනිදා ඇමෙරිකාවේ, මිසුරිහි දී උපත ලැබීය.

මිල්ටන් ඇකඩමියේ මූලික අධ්‍යාපනය ලබා 1906 දී හාවර්ඩ් සරසවියට ඇතුළත් විණි. වෝටර් ලිප්මස්, හේවුඩ් බ්‍රවුන්, ජෝන් රීඩ්ථ ස්ටුවර්ට් චේස් වැනි අය ඔහුගේ සමකාලීන සරසවි සගයන් ය. තුන් වසරකින් උපාධිය සපුරා සිවුවෙනි වසරේදී ශාස්ත්‍රපති උපාධිය ද ලැබීය. ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ ද එය සම්ප‍ූර්ණ කළේ නැත. ශිෂ්‍යයකු ලෙස බොහෝ විට තනිව සිටීමට ඔහු ප්‍රිය කළේ ය. පයිප්පය ඉරීමේ පුරුද්දක් ද තිබිණි. සතියකට වරක්වත් සෙසු සිසුන්ට තේ සාද පවත්වා සතුටු වීම ද ඔහුගේ පුරුද්දකි.

25 හැවිරිදි වියේදී ඔහු එංගලන්තයට සංක්‍රමණය වූ අතර 39 හැවිරිදි වියේදී ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියේ ය‍. ඇමෙරිකානු ජනාධිපතිවරු තිදෙනකු සමඟ ම එලියට්ට දුරින් ඥාති සබඳකම් තිබිණි. ඔවුන් නම් ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි ඇඩම්ස් සහ රදර්ෆර්ඩ් බී හේයස් ය. සුප්‍රකට ඇමෙරිකානු ශබ්දකෝෂ සම්පාදක නෝවා වෙබ්ස්ටර් ඔහුගේ මාමා කෙනෙකි.

එලියට් ගුරුවරයකු, බැංකුකරුවකු සහ සංස්කාරකවරයකු ලෙස වරින්වර රැකියා කිහිපයක නිරත විය. ඔහු කවි ලීවේ විවේකයක් ලද අවස්ථාවලදී ය. එවැනි ජීවන ශෛලියක් ඔහු ප්‍රිය කළේ ය. 1959 දී ‘පැරිස් රිවීව්’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ බැංකුකරුවකු සහ සංස්කාරකයකු ලෙස ප්‍රකාශන ක්ෂේත්‍රයේ කටයුතු කිරීම දක්ෂ කවියකු වීමට තමාට උපකාරී වූ බව ය. ජීවත්වීමට ආදායමක් රැකියාවෙන් ඉපැයීමට හැකිවීම නිසා අමතර කාලය කවි ලිවීමට යෙදවීමට හැකිවිණි.

ඔහු කවි ලිවීම මෙන් ම නාට්‍ය රචනය ද කළේ යතුරුලියනය මඟින් හෝ පැන්සලය උපයෝගී කරගනිමිනි. මේ කිනම් ක්‍රමයක් අනුගමනය කළ ද ඔහුගේ දෛනික ලිවීමේ සීමාව පැය 3 කි‍. “සමහර වෙලාවට මං පැය 3 ට වඩා ලිවීමට උත්සාහ කර තිබෙනවා. ඒත් පහුවෙනිදා ඒ සීමාව ඉක්මවා ලියපු දේවල්. කියෙව්වාම මං ඒවා ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් වුණේ නෑ. ඉතිං මං කල්පනා කළා ඊට වඩා හොඳයි මගේ සීමාව ඇතුළත ලිවීම නතර කරලා එතැනින් එහාට වෙනත් වැඩක් ගැන බලා ගැනීම කියලා…”

1927 දී එලියට් ඇංග්ලිකානුවකු බවට මෙන් ම බ්‍රිතාන්‍ය පුරවැසියකු බවට ද පත්විය. 1930 ගණන්වල සහ 1940 ගණන්වල ඔහු ලියූ Ash Wednesday, Murder in the cathedral සහ Four Quartets වැනි කාව්‍ය නිර්මාණවලට තේමා වූයේ ආගම, ඇදහිලි මෙන් ම දේවත්වයයි. කාව්‍ය 4 කින් සමන්විත Four Quartets එලියට්ගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස ඔහු ද සැලැකී ය. ඉනුදු සිවුවෙනි කවිය ඔහු වඩාත් සිත්ගති. එම පැදි පෙළ මඟින් දාර්ශනික මෙන් ම ආධ්‍යාත්මික බවක් පිළිබිඹු වේ. එලියට් සහ ග්‍රවුචෝ මාර්ක්ස් අතර ලේඛකයන් ලෙස සමීප මිත්‍රත්වයක් තිබිණි. හාස්‍ය මැවීමේ විශිෂ්ටයකු වූ මාර්ක්ස්ට 1961 දී එලියට් පෑනේ මිතු‍රකු ලෙස ලිපියක් ලියා යැවී ය. මාර්ක්ස් ඊට පිළිතුරු එවා තිබුණේ සිය ඡායාරූපයක් ද සමඟ ය. එවක් පටන් ඔවුහු මිතුරන් බවට පත් වූහ. එලියට් සහ ග්‍රවුචෝ මාර්ක්ස් පළමුවරට හමුවූයේ 1964 දී ය. ඒ; මාර්ක්ස්ට සහ බිරියට රාත්‍රි භෝජන සංග්‍රහයකට සිය ලන්ඩන් නිවසට පැමිණෙන මෙන් එලියට් කළ ඇරියුමකිනි.

1921 දී එලියට්ට සිය බැංකු රාජකාරියෙන් මාස කිහිපයක් බැහැරවීමට සිදුවිය. මේ අතරවාරයේ ඔහු The Waste Land ලියා නිම කළේ ය. එය සංස්කරණය කළේ ඔහුගේ මිතුරකු මෙන් ම සමකාලීන කවියකු වූ එස්රා පවුන්ඩ් විසිනි. හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීමේ කටයුතුවල යෙදීමෙන් පසු එලියට් වසරක් පැරිසියේ ගත කළේ ය. මේ අවදියේදී ඉංගිරිසියට වඩා ප්‍රංස බසින් ලේඛනයේ යෙදීමේ සිහිනයක් ඔහුට තිබිණි. එය මුළුමනින් සැබෑ කරගත හැකි නොවුණ ද ඔහු ප්‍රංස බසින් ද ලීවේය‍. “ඒක හරියටම මට වචනයෙන් පැහැදිලි කරගන්න බැරි කාලවකවානුවක් මගේ නිර්මාණ උල්පත මුළුමනින් සිඳී ගිහින් වගේ මට දැනුණා. ටික කාලයක් මං කිසිවක් ම ලිව්වේ නෑ. මට බලාපො‍රොත්තු බිඳී ගිය බවක් හැඟුණා…” එලියට් පසුකලෙක එසේ කීවේ ‘ප්‍රංස සිහිනය’ ගැනය. ඔහු වැඩි කල් නොයා ඉන් නිදහස් විය. ‘හිටි හැටියේ ම මං ආයෙමත් ඉංගිරිසියෙන් ලියන්න පටන් ගත්තා. ප්‍රංස භාෂාව ගැන තිබුණු ආසාව අත් හැරියා. මං හිතන්නෙ මේ වැඩෙන් මට ආයෙමත් පටන් ගැන්මක් ලැබුණා…”

එලියට්ගේ පවුලේ අය සහ මිතුරන් ඔහු ඇමතුවේ ‘ටොම්’ යන ආදරණීය නාමයෙනි. ‘ටොම්’ ඇස් රතු කරවන සුළු විහිළු කරන්නකු ලෙස ද ප්‍රකට විය. මේ වැඩවලට ඔහු සිය බෑණනුවන් ද හවුල් කරගත්තේ ය‍. ලන්ඩනයේ කඩසාප්පුවල ඇවිද අවශ්‍ය දෑ මිලට ගන්නා ඔහු එවැනි වැඩ සැලසුම් කරයි. අප්‍රසන්න ගඳකින් යුතු බෝම්බ විශේෂයක් වරෙක ලන්ඩනයේ හෝටලයක ලොබියේ පුපුරවා හැරියේ ද මාමා සහ බෑණා එකතුවය. අමුත්තන් සමඟ හිඳ සිටින අතර දුම්වැටි දැල්වීම ද මෙවැනි ඇස් රතු කරවන විහිළුවකි.

ඉංගිරිසි භාෂාවට Bullshit යන වදන හඳුන්වා දුන්නේ ද එලියට් විසින් බව පිළිගැනේ‍. 1910 දී පමණ ඔහු ලියූ The Triump of Bullshit කාව්‍ය නිර්මාණයේ ‍යෙදිණි. එම නිර්මාණය ලන්ඩන් සඟරාවට යොමු කළ ද එය පළ කළේ නැත. ඊට බලපෑවේ Bullshit යන වදන ය. එහි යෙදී තිබුණේ කවියේ තේමාවේ පමණි. ඔක්ස්ෆර්ඩ් ඉංගිරිසි ශබ්ද කෝෂය දක්වන පරිදි මෙවැනි අවලාද සහගත වදනක් මුද්‍රණයෙන් පළවූ පළමු අවස්ථාව මෙය විය හැකියි.

එලියට්ගේ ඇතැම් ආගමික විශ්වාස‍යන් හා මතිමතාන්තර ආන්දෝලනාත්මක ය. යුදෙව්වන් කෙරෙහි ඔහුගේ මුල් කාලීන නිර්මාණ වලින් පළවූයේ නොරිස්සුම් බවකි. එහෙත් ඊට වෙනස් මතයක් දරණ අයගේ අදහස ඔහුට යුදෙව් ලේඛකයන් සහ කලාකරුවන් ගණනාවක් සමඟ සමීප සබඳකම් තිබූ බව ය.

වරෙක මිනසෝටා සරසවියේ දී ඔහු 14000 කට ආසන්න පිරිසක් හමුවේ දේශනයක් කළේ ය. මේ පිරිස රැස්ව සිටියේ බාස්කට්බෝල් ක්‍රීඩාංගන‍යේ වන අතර 14000 කට ඇමතීම ඔහුට දැනුණේ කෙසේ දැයි විමසන ලදී. ඔහුගේ පිළිතුර වූයේ එහි සිටියේ 14000 ක් නොව 13523 ක් බව ය.‍ සීමිත පිරිසක් ඇමතීමට වඩා එය පහසු වූ බව ද කී ඔහු එසේ වන්නේ තමා ඔවුන් නොහඳුනනවා මෙන් ම ඔවුන් සිතන්නේ කුමක්දැයි තමන්ට නොදැනෙන නිසා ද බව පැවැසීය.

එලියට්ගේ අපදානය, T.S.Eliot: A Modern Life ලියමින් ලින්ඩාල් හෝර්ඩන් ඔහුගෙන් ප්‍රකට වූ මනරම් චර්යාවන් හෙළිදරවු කරයි. 1920 ගණන්වලදී ඔහු සැඟැවී යන ස්ථාන 2 ක් විය‍. එකක් ඔරින්ග් හර්ස් මාර්ගයයි. අනෙක ශාන්ත මාටින් පටුමඟයි. මේවායේදී ඔහු කිසිවකු සමඟ හෝ කතා බහ කළේ නම් ඒ තමාට ‘කැප්ටන්’ හෝ ‘කැප්ටන් එලියට්’ යනුවෙන් ඇමතූ අයට පමණි. එලියට් යනු ඔහු ජීවත්වූ යුගයේ සිටි අතිශයින් ම ගුප්ත චරිතයකි. 1948 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඔහු වෙත පිරිනැමිණි. 1965 ජනවාරි 4 වැනිදා ජීවිතයෙන් සමුගන්නා විට ඔහු 76 හැවිරිදි වියේ පසු විය.

අයි.ආර්.එම්.ඒ .ඊරියගොල්ල මහතා පිළිබඳ දිවයින පත්‍රයේ පළවු ලිපියක් …

අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල 
සත්කෝරළය යළි අවදි කළ ශ්‍රේෂ්ඨ පුරුෂයා

(අභාවප්‍රාප්ත වී 43 වසරක්‌ සැපිරීම නිමිත්තෙනි)

20 වැනි සියවසේ සිව් වන දශකය ලක්‌ ඉතිහාසයේ අතිශයෙන් ම වැදගත් යුගයකි. එකදාස්‌ නමසිය තිස්‌ ගණන්වල හටගත් ජාතික උද්‍යෝගය ප්‍රධාන වශයෙන් ම මෙරටට නිදහස ලබා ගැනීම උදෙසා ය. මේ සඳහා මිනිසුන් පෙළ ගැසුණේ හුදු දේශපාලන මුහුණුවරකින් නොව දේශයේ අභිමානය දැක්‌වෙන භාෂාව හා සංස්‌කෘතිය මුල් කොට ගත් දේශීය උද්‍යෝගයකිනි. මේ සඳහා මාක්‌ස්‌වාදී හා සමාජවාදී මත සෑහෙන පමණකට ජනතාව අතර ප්‍රචාරය වුවද මිනිසුන් වැඩි වශයෙන් ආසක්‌ත වූයේ අමද්‍යප ව්‍යාපාරය, සිංහල භාෂාව හා සංස්‌කෘතිය නගා සිටුවීමේ සුවිශේෂී අවශ්‍යතාව සලකාගෙනය.

කුලියාපිටිය ප්‍රදේශයේ මෙකී උද්‍යෝගයට ප්‍රධානතම හේතුව වූයේ 1945 දී පමණ පූජ්‍ය හෙණ්‌ඩියගල සීලරතන, රතුපොළ ආනන්ද ඇතුළු භික්‍ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රදේශයේ පාඨශාලා ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් හා රජයේ වෙනත් ආයතනවල උගත්a ගිහියනුත් මීට සහභාගි වීමයි. යථෝක්‌ත පිරිස විසින් පිහිටුවා ගන්නා ලද සත්කෝරළ සාහිත්‍ය සංගමයට ගිහි නායකත්වය සපයන ලද්දේ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසිනි.

1948 ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ප්‍රාදේශීය මට්‌ටමින් මන්ත්‍රී අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇති වූ විට සත්කෝරළ සාහිත්‍ය සංගමයේ ඒකමතික තීරණය වූයේ ඒ සඳහා අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා සුදුසු බව ය. මෙම සුදුසු තත්ත්වය ලැබීමට ඔහු සිදුකළ ප්‍රධානම කරුණු දෙකක්‌ විය. පළමු කොට ඔහු දැනට වයඹ යෑයි සැලකෙන සත්කෝරළයේ ඓතිහාසික ප්‍රෙෘඪත්වය ද බතින් බුලතින් සපිරුණ දේශයක්‌ හෙයින් සත්කෝරළය ‘බත්කෝරළය’ යෑයි ප්‍රකට ව තිබූ බව ද ප්‍රදේශවාසීන්ට කියා දීම අවශ්‍ය විය. එවකට දිවයිනේ සුප්‍රකට පඬිවරුන් හා දේශකවරුන් වූ පූජ්‍ය තල්පාවිල සීලවංශ හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, වල්පොළ රාහුල හිමි යන පැවිදි පක්‍ෂය ද ගිහි පක්‍ෂයෙන් පුරාවිදු කොමසාරිස්‌ සෙනරත් පරණවිතාරණ, එච්. ශ්‍රී නිශ්ශංක ආදි වියතුන් දේශන සඳහා ඊරියගොල්ල මහතා ගෙන්වා ගත්තේය.

කුලියාපිටිය ආසනය හා සත්කෝරළය දියුණු කිරීම සඳහා කළ යුතු ප්‍රධාන ම කාර්යය මෙම ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම බව ඊරියගොල්ල මහතා ඉතා නිවැරැදිව හඳුනාගෙන සිටියේය. මෙම ප්‍රදේශය සතුව විශාල පොල් ඉඩම් ද, තැන් තැන්වල කොහු කර්මාන්ත ශාලා ද තිබුණු මුත් එහි වත්කම් කොළඹ විසූ පොහොසත් අයිතිකරුවෝ පැහැර ගත්හ. ගැමියන් සතුව තිබූ කුඩා කුඹුරුවලින් ඔවුන්ට අයත් වූයේ යෑපුම් ආර්ථිකයක්‌ පමණි. කුලියාපිටිය ආසන්නයේ කංකාණියම්මුල්ල ග්‍රාමයේ ඉපිද ළමා කාලය ගමේ ම හැදුන වැඩුන ඊරියගොල්ල දරුවා ගැමියන් පිළිබඳ නිවැරැදි වැටහීමක්‌ ලබා සිටියේය.

ආනන්ද හා නාලන්ද යන විදුහල්වලින් උසස්‌ අධ්‍යාපනය ලද එම වකවානුවේදී මෙත්තානන්ද, කුලරත්න, මලලසේකර යන අධ්‍යාපනඥයන්ගේ ඇසුර ලැබීමට ඔහු වාසනාවන්ත විය. තව ද ත්‍රිපිටක ධර්මය, බුද්ධාගම හා ප්‍රාචීන භාෂා හැදැරීමට විෙද්‍යාaදය පිරිවෙනේ අති පූජ්‍ය කහවේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ මඟÊපෙන්වීම මොහු ලද්දේ ය. මීට අමතරව අතට අසුවන සෑම ඉංග්‍රීසි මෙන්ම සිංහල පොත පත – සඟරා හා පුවත්පත්, නොතිත් ආශාවෙන් කියෑවීමෙන් මහත් භාෂා පරිචයක්‌ හා පටුත්වයක්‌ ඔහු ලබා ගත්තේය.

ඊරියගොල්ල මහතා තම 18 වැනි වියේ දී පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස රජයේ සේවයට බැඳෙයි. එවකට පොලිස්‌පති වූ අධිරාජ්‍යවාදී හර්බට්‌ ඩයිබිගින්ගේ ආකල්ප නොරිස්‌සූ ඔහු එම සේවයෙන් අස්‌වෙයි. ඉතා සුළු කලක්‌ ඔහු සුරාබදු නිලධාරියවරයකු ලෙස ක්‍රියා කරයි. එයින් ද සමුගත් ඊරියගොල්ල මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙයි. එහිදී විජාතික කථිකාචාර්යවරයකු සමඟÊඇතිකරගත් අර්බුදයක්‌ නිසා ඔහු එම විදුහලෙන් අස්‌වන්නේ තමන්ගේ ඉතිරි ජීවිත කාලය ස්‌වාධීන මිනිසකු ලෙස පුවත්පත් කලාව හා ලේඛන කලාව සඳහා කැප කිරීමේ අදිටනිනි. ඔහු මේ සඳහා පළමුව ලේක්‌හවුස්‌ ආයතනයට බැඳෙයි. ඊරියගොල්ල මහතා සිය ප්‍රථම සාහිත්‍ය කෘතිය වන ‘අනංගයාගේ දුන්න’ නමැති කවි පොත ලියන විට ඔහු 19 වැනි වියේ පසුවිය.

අසාමාන්‍ය නිර්භීත භාවයකින් හා අචල අධිෂ්ඨාන ශක්‌තියකින් යුත් ඊරියගොල්ල මහතාගේ ජීවිත ගමන මැනවින් පිළිවෙළ වන්නේ සිංහල භාෂාව හා සංස්‌කෘතිය පිළිබඳව ඔහු තුළ වූ නිපුණ බව ද පුවත්පත් කලාව නිසා ඔහු ලත් අත්දැකීම් සම්භාරය ද නිසාය. දේශපාලනඥයකු – විශේෂයෙන් ම අධ්‍යාපනය හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයකු – වශයෙන් ඉටු කළ ජනහිතවාදී කාර්ය භාරය ඊරියගොල්ල මහත්මා තුළ ජීවත් වූ නිර්මාණශිලී සාහිත්‍යකරුවා ගේ මෙහෙයවීමෙන් සිදු වූවක්‌ බඳුය. එතුමා ඒ තරමටම වර්තමානය හා අනාගත අවශ්‍යතාවන් පිළිබඳව නිර්මාණශිලීව බැලීමේ හැකියාවකින් යුක්‌ත විය.

දේශපාලනඥයකු වශයෙන් ඊරියගොල්ල මහතා පසු කලෙක ලැබූ කීර්තිරාවය මානව භක්‌තියෙන් පිරි ඔහුගේ අධ්‍යාත්මික විකාශයක්‌ වන සාහිත්‍ය කෘතීන් වර්තමානයේදී යම් කිසි සැඟවුනු තැනකට පත් කරනු ලැබූවක්‌ මෙන් පවතී. මේ තත්ත්වය හුදෙක්‌ තාවකාලික සංසිද්ධියක්‌ විය හැකිය. ඊරියගොල්ල මහතාගේ කලින් ද සඳහන් කරන ලද ”අනංගයාගේ දුන්න’ ද ‘වහලාගේ සිහිනය’ (අනුවර්තනයකි) යන පද්‍ය කාව්‍යයන්ගෙන් ද. ‘කතා පහ’, ‘දේව වරය’ යන කෙටි කතා පොත් ද. ‘සුදර්ශනය’ තම බිරිඳ සමඟ ලියූ ‘පූර්ණ විප්ලවය’ යන නිර්මාණාත්මක ග්‍රන්ථ ද ‘දේවතාපය’, ‘මනුතාපය’ යන අනුවර්තන ද පාසල් දරුවන් සඳහා ප්‍රබන්ධ කරන ලද ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’ හා ප්‍රගති ගීතය වන ‘සැම දන මන දිනු සුජාත ධරණී’ යන ගීතයත් සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා යෝධ කර්තව්‍යයක්‌ ඉටු කළේය.

ඊරියගොල්ල මහතා 1934 සිට සෑහෙන කාලයක්‌ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ලෙස සේවය කළ බවත්, සෝල්බරි කොමිෂන් සභා වාර්තාව සිංහලයට පරිවර්තනය කරන ලද්දේ එතුමා බවත් බොහෝ දෙනෙක්‌ නොදනිති. තව ද දෙවැනි ලෝක යුද්ධ සමයේදී යුද පුවත් බලධරයා ලෙස මෙතුමා කටයුතු කළ බව අද දන්නෝ විරලය හ.

දේශපාලන වශයෙන් ඊරියගොල්ල මහතාගේ ජීවිතය ඉතා කාර්ය බහුල හා හැල හැප්පෑම්වලින්යුක්‌ත විය. 1948 පෙබරවාරි හතර වැනි දින ශ්‍රී ලංකාව නිදහස ලැබීමට පෙර පාර්ලිමේන්තුව රැස්‌ කිරීමේ වුවමනාව නිසා 1947 අග භාගයේදී පාර්ලිමේන්තු මැතිවරණයක්‌ තැබීම අවශ්‍ය විය. මීට එක්‌සත් ජාතික පක්‍ෂය (එජාප), ප්‍රබල තනි පක්‍ෂයක්‌ ලෙස ද, වාමාංශික පක්‍ෂ ගණනාවක්‌ විසින් ස්‌වාධීන අපේක්‍ෂකයන් ගණනාවක්‌ ඉදිරිපත් කරනු ලැබූහ. එජාපයෙන් පමණක්‌ රජයක්‌ පිහිටුවීමට එක්‌ ඡන්දයක්‌ අඩු විය. ඒ අඩුව පිරවීම සඳහා ඊරියගොල්ල මහතා තම ඡන්දය දුන් විට විරුද්ධ පාක්‍ෂිකයන්ගේ මහත් දෝෂයට හා පරිභවයට ඔහු ලක්‌ විය. තමා එසේ කළේ රජය සමඟ සිටීමෙන් තම ආසනය සංවර්ධන කටයුතු සඳහා සම්පත් ලබා ගැනීමට බව ඔහු තම ඡන්දදායකයන්ට පැවැසීය.

1952 ඡන්දයෙන් ද ඊරියගොල්ල මහතා කුලියාපිටිය ආසනයේ නියෝජිතයා ලෙස තේරී පත්විය. ඩී. එස්‌. සේනානායක මහතාගේ අකල් අභාවය 1952 දී සිදු වූ විට ඩඩ්ලි සේනානායක මහතා හා සර් ජෝන් කොතලාවල මහතා සමඟ ඇති වු දේශපාලන අසහනකාරී තත්ත්වයේදී මොහු ඩඩ්ලි සේනානායක මහතාගේ පිල ගනිමින් සර් ජෝන් කොතලාවල මහතා විවේචනයට බඳුන් කිරීම හේතුවෙන් ඔහු ආණ්‌ඩු පක්‍ෂයෙන් නෙරපන ලදි. 1956 අප්‍රේල් මස පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර යූ.ඇන්පියට එරෙහිව ‘මහජන එක්‌සත් පෙරමුණ’ නිර්මාණය කිරීමෙහිලා ඊරියගොල්ල මහතා පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ ද කැබිනට්‌ මණ්‌ඩලය පත් කරන අවස්‌ථාවේ දී බණ්‌ඩාරනායක මහතා විසින් මොහු අමතක කරන ලදී. ඔහු පත් කරන ලද්දේ ස්‌වදේශ රාජ්‍ය කටයුතු භාර ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙනි. නොබෝ දිනකින් මෙම තනතුරෙන් ඉවත් වූ මොහු විපක්‍ෂයේ පසු පෙළක අසුන් ගත්තේය.

පසු කලෙක අන්ත පරාජයට පත් වූ යූ. ඇන්. පි ය යළි පුනරුත්ථාපනය කිරීමෙහිලා ඩඩ්ලි සේනානායක මහතා විසින් කරන ලද ආරාධනය පිළිගත් ඊරියගොල්ල මහතා එම කටයුත්තේ ලා මහත් කැපවීමෙන් ක්‍රියා කරමින් තරුණයන් 25,000 කින් පමණ වූ තරුණ පෙරමුණක්‌ ඔහු සංවිධානය කළේය. 1965 මාර්තු මාසයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී යූ.ඇන්.පී. ය යළිත් ජයග්‍රහණය කළ අතර ඊරියගොල්ල මහත්මාට අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය ධුරය ලැබිණි.

විවිධ කථිකයන් විසින් මෙතුමාගේ සේවය ඇගයීම් වස්‌ කරන ලද දේශනවලදී මෙතුමාණෝ බස, දෙස,

රැස නැන්වූ වියතාණ කෙනෙකු ලෙස සත්කෝරළයේ මිණි පහන ලෙස සත්කෝරළ වීරයා ලෙස ද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු ලෙස ද කිසිවකුට යටත් නොවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස ආදී නන් අයුරින් හඳුන්වනු ලැබූහ.

නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය යටතේ අපේ පාසල්වලට උදාර සේවයක්‌ කළ අධ්‍යාපන ඇමැතිවරුන් අතරින් අයි. එම්. ආර්¾ ඒ. ඊරියගොල්ල මහතා ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නා බව මට නිර්භයව කීමට පුළුවනැයි හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පැවැසීය.

ප්‍රේමචන්ද්‍ර දිසානායක


http://www.divaina.com/2016/01/07/feature02.html

තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාසේ පිළිබඳ ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකින්..

http://www.lankadeepa.lk/features/%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B6%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1-%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/2-186316

සුරඹා ගුරුන්නාසේ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු උපන් දා බකිංහැම් මාලිගයේ කළ නර්තනය පිළිබඳ වීඩියෝපටයකින්…

https://m.youtube.com/watch?v=A6dgVxELF_E

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s