මතක පොතෙන් …   කලාපය 1 පිටුව 10 (1)

සංස්කාරක අපොස උසස්පෙළ විභාගයේ දී කළ යුතුව තිබූ ව්‍යාපෘතිය වශයෙන් පොතක් ලියන්නට තීරණය කළා.එය විශ්ව දිනපොත නමින් වසරේ එක් එක් දිනවල වැදගත්කම පිළිබඳ දිනපොතක තැබූ සටහනක් කිවහොත් නිවැරදියි.එම ග්‍රන්ථයේ කරුණු ඇසුරින් පසුකලෙක ළමා පුවත්පතකට ලිපි පෙළක් රචනා කරන්නට ඉඩකඩ ලැබුණා.මා අදහස් කළා එම ලිපි පෙළ අන්තර්ජාලය ඇසුරින් යාවත්කාලීන කරමින් ඔබ හමුවට ගෙන එන්නට.

ඒ අතරේ සංස්කාරකගේ ග්‍රන්ථය ද කොටස් වශයෙන් ඉදිරිපත් කෙරෙණු ඇති.එකල ජීව විද්‍යා විෂයය හැදෑරූ සංස්කාරකට සිංහල බස පිළිබඳ අද තරම් දැනුමක් නොතිබූ බවත් කිව යුතුයි..

ජනවාරි 1 දා ඉතිහාස පොතෙන් .

1. 1912 ජන 01 දා චීන සමූහාණ්ඩුව පිහිටුවනු ලැබිණි.

චීනය

නැගෙනහිර ආසියාවේ රටක්

පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙනචීන මහජන සමූහාණ්ඩුව යනු, බිලියන1.3 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි.[10] චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිංටියාංජිංෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර[11] විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොංසහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.[12]

වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් ලොව තුන්වැනි හෝ හතරවැනි තැන ද[13] ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව දෙවැනි තැන ද ගනියි.[14] චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ.මොන්ගෝලියාවට සහ රුසියානුසයිබීරියාවට ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ ගෝබි සහ තක්ලමකන් වැනි කාන්තාර ද, වියට්නාමයට,ලාඕසයට සහබුරුමයට ආසන්න තෙත් දකුණුකරයේ අර්ධ නිවර්තන වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරනහිමාලයෙන් සහ ටියන් ෂාන් කඳු පංතිවලින් සැදි රටේ බටහිර ප්‍රදේශය විෂම, උස් ප්‍රදේශයකි. එහෙත් කි.මී. 14,500ක මුහුදු වෙරළකින් යුක්ත චීනයේ නැගෙනහිර ප්‍රදේශය පහත් භූමියක් වෙයි. මෙම මුහුදු වෙරළ ගිනිකොණදිගින් දකුණු චීන මුහුදෙන්ද නැගෙනහිරින් නැගෙනහිර චීන මුහුදින් ද සීමාවී ඇති අතර තායිවානයකොරියාව සහජපානය මින් ඔබ්බෙන් පිහිටයි.

ලොව පැරැණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගඟෙන් පෝෂණය විය.[15] වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් (රාජ වංශ) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූසියා රාජ වංශය (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී කින් රාජ වංශය(Qin) විසිනි. අවසාන රාජ වංශය වූ කිං රාජ වංශය (Qing) 1911 දී සමාප්ත වූයේකුඕමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ කොමියුනිස්ට් යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම චීන සමූහාණ්ඩුවේ අගනුවර තායිවානයේ තායිපේනුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ තායිවානය,කින්මෙන්මට්සු සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේස්වාධීනත්වය සහ දේශපාලන තත්වයපිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා චීන සමූහාණ්ඩුව අතර දේශපාලන ආරවුල් ගහණ විය.

චීනය ශිෂ්ඨාචාරයේ උප්පත්ති ස්ථාන අතරින් එකකි.

2.1992 ජන 01 දා රුසියාව (රුසියානු සමූහාණ්ඩුව)පිහිටුවනු ලැබිණි.

රුසියානු සමූහාණ්ඩුව උතුරු යුරෝපියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේෆින්ලන්තය,එස්තෝනියාලැට්වියාලිතුවේනියා,පෝලන්තයබෙලාරුස්යුක්රේනය,ජෝර්ජියාඅසබර්ජාන්කසකස්තාන්චීනය,මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය,ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝක‍යේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ‍ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.

රුසියාවෙහි ඉතිහාසය ඇරඹෙනුයේනැගෙනහිර ස්ලාව්වරුන් සහ ෆිනෝ-උග්රික් ජනයා පිළිබඳ ඉතිහාසය වෙතිනි.නාෆ්ගොරොඩ් වෙත කේන්ද්‍රගතවී තිබුනු සහලේමන් ස්ලාව්වරුවෙප්ස්වරු, සහවොට්ස්වරු විසින් ජනාශ්‍රිත සමස්ත ප්‍රදේශ අඩංගු වූ ගරොවරිකි රාජ්‍යය (“පුරවරයන්ගේ රාජ්‍යය”), වාරන්ගියානු ප්‍රධානි රූරික් විසින් (රුසියානු ඉතිහාසයෙහි සාම්ප්‍රදායික ඇරඹුම සිදුවූ) 862 වසරෙහිදී සංස්ථාපනය කෙරිණි. පළමුවන එක්සත් නැගෙනහිර ස්ලාවිකරාජ්‍යය වන කියතන් රුස්, රූරික්ගේ අනුප්‍රාප්තික නාෆ්ගොරොඩ්හී ඕලෙග් විසින් 882 වසරෙහිදී සංස්ථාපනය කෙරිණි. 988 වසරෙහිදී මෙම රාජ්‍යය විසින් බයිසැන්ටියානු අධිරාජ්‍යය වෙතින් ක්‍රිස්තියානු ආගම අපත්‍යකරණය කෙරුණු අතර, මීලඟ සහස්‍රවර්ෂය දක්වා රුසියානු සංස්කෘතිය විස්තර කෙරුණු, බයිසැන්ටියානු සහස්ලාවික සංස්කෘතින් අතර සංකලනය, මෙයින් ඇරඹීනි. 1237–1240 අතරතුරදී රුස් වෙත ඇතිවූ මොංගෝල් ආක්‍රමණය නිසා සහ රුස්හී ජනගහනයෙන් අඩක් පමණ මිය යාම නිසා, අවසනායේදී, රාජ්‍යයක් ලෙසින් නොපවතින ලෙසින් නියතන් රුස් බිඳී ගියේය.[උපහරණ ඇවැසිය] මෙම කාලය තුලදී, ප්‍රාදේශීය අධිපතීන් කිහිප දෙනෙකු විසින්, විශේෂ වශයෙන් නාෆ්ගොරොඩ් සහ ප්සාක්ෆ් විසින්, සටන් වැදුනේ කියතන් රුස්හී සංස්කෘතික සහ දේශපාලනික දායාදය සඳහා උරුමකම් කියනු පිණිසය.

13වන සියවසට පසුව, මොස්කව්, සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. 18වන සියවස වන විට, පෝලන්ත–ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයෙහි සිට නැගෙනහිර දෙසට ශාන්තිකර සාගරය දක්වා විහිදුනු, අතිවිශාල රුසියානු අධිරාජ්‍යය බවට,රුසියාවේ සාර් රාජධානිය පත් විය. බටහිර දෙසට එහි ව්‍යාප්තිය තුලදී, යුරෝපයෙහි අනෙකුත් කොටස වෙතින් එය හුදෙකලාව සිටි අයුරු පිළිබඳ දැනුවත්වීම තීව්‍ර කර ගැනුමට රුසියාව සමත්වූ අතර, එහි ව්‍යාප්තියෙහි මුල් අදියර තුලදී එය පැවතුනු හුදෙකලා තත්ත්වය බිඳ දැමීමට හේතු විය. මෙම නිරාවරණය නිසා ඇතිවූ පිඩනයට, 19වන සියවසෙහි අනුයාත රාජ්‍යයන් මුහුණදුන්නේ, උදාසීන ප්‍රතිසංස්කරණ සහ මැඩ පැවැත්වීම් වල සංකලනයක් තුලිනි.රුසියානු දාසත්වය 1861 වසරෙහිදී අහෝසි කරන ලද මුත්, එහි අහෝසියෙහිදී ගැමියන්ටඅවාසිදායක භාෂිතයන් භාවිතා කිරීම නිසා, විප්ලවවාදයට තල්ලුවීම වර්ධනය කිරීමට ඉවහල් විය. දාසත්වය අහෝසිකිරීම සහ 1914 වසරෙහිදී පළමුවන ලෝක යුද්ධයඇරමීම අතරතුර කාලයේදී ඇතිවූ,ස්ටොලිපන් ප්‍රතිසංස්කරණයන්1906 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ, රාජ්‍ය ඩූමා විසින්, රුසියාවෙහි ආර්ථිකය සහ දේශපාලනය විවෘත කොට එහි සීමා ලිහිල් කිරීමට ප්‍රයත්නයක් දැරුවද, ඒකාධිපති පාලනය අත්හැර ඔවුන්ගේ බලය බෙදා ගැනුමට සාර්වරුන් කැමැති නොවූහ.

ආර්ථික බිඳවැටුම, යුද්ධ-විඩාව සහ, ඒකාධිපති රාජ්‍ය ක්‍රමය වෙත අකමැත්ත යන්නෙහි සංකලනයක් වෙතින්, 1917 වසරෙහි ඇතිවූ රුසියානු විප්ලවය පූරනය වූ අතර, ලිබරල්වාදීන් සහ මධ්‍යස්ථ මතවාදී සමාජවාදීන් පළමුව බලයට ගෙන ආ නමුදු, ඔවුන්ගේ ප්‍රතිපත්ති අසාර්ථ වීමත් හා සමගම, ඔක්තොම්බර් 25 දිනදී කොමියුනිස්ට්බොල්ෂෙවික්වරුන් විසින් බලය ඩැහැගැනුම වෙත මග පෑදිණි. 1922 සහ 1991 අතරතුරදී, රුසියාවෙහි ඉතිහාසය ලෙසින් දැක්වෙන්නේසෝවියට් රුසියාවෙහි ඉතිහාසය වන අතර,බ්‍රෙස්ට්-ලිටෙව්ස්කි සම්මුතියට පෙර, සඵල වශයෙන්, මතවාදය මත පදනම් වූ සහ දළ වශයෙන් රුසියානු අධිරාජ්‍යය හා සඹිපවර්තී වූ රාජ්‍යයක් විය. කෙසේවෙතත්, සමාජවාදය නැංවීම සඳහා භාවිතා වූ පිවිසුම, 1920 ගණන් වලදී මිහ්‍ර ආර්ථිකය සහ ප්‍රකීර්ණක සමාජය සහ සංස්කෘතියෙහි සිට ජෝසප් ස්ටාලින් යුගයෙහි ආඥාදායක ආර්ථිකය සහ අවරෝධනයන් දක්වාද 1980 ගණන් වල “නිශ්චලන යුගය” දක්වාද, සෝවියට් ඉතිහාසයෙහි විවිධ යුගයන්හිදී විවිධ ආකාරයන් ගත් බව පෙනෙයි. එහි මුල් වසර කිහිපයේ සිට, එනම් 1918 මාර්තු මාසයෙහි සිට, බොල්ෂේවික්වරු ඔවුන් හැඳින්වුනු පදය වන කොමියුනිස්ට්වරුන්ගේ තනි-පක්ෂ පාලනයක් යටතේ සෝවියට් සංගමයෙහි රජය පැවැතියේය. කෙසේවෙතත්, 1980 ගණන් වල මැද භාගය වන විට, ආර්ථික සහ දේශපාලනික ව්‍යුහයන්හී සුර්වලභාවය උග්‍ර වීම හා සමගම, මිකායෙල් ගොර්බචොෆ්විසින් බලවත් ප්‍රතිසංස්කරණ ඇති කිරීම ඇරඹු අතර එය විසින් සෝවියට් සංගමයෙහි බිඳවැටීම හේතු විය. රුසියානු ෆෙඩරේෂනයෙහි ඉතිහාසය නිල වශයෙන් ඇරඹෙනුයේ 1992 වසරෙහි ජනවාරි මාසයෙනි. ජාත්‍යන්තර කරළියෙහිදී, සෝවියට් රුසියාවෙහි නෛතික අනුප්‍රාප්තිකයා වූයේ රුසියානු ෆෙඩරේෂනයයි. කෙසේවෙතත්, නව පශ්චාත්-සෝවියට් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමට දැරූ එහි උත්සාහයන් වෙත එල්ලවූ තදබල අභියෝගයන්ට මුහුණදීමෙන් අනතුරුව, රුසියාව වෙත තිබූ සුපිරි බලවත් තත්ත්වය එයින් ගිලිහී ගියේය. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය සහ සෝවියට් යුගයෙහි රාජ්‍ය ස්වාමිත්වය ඉවත දමමින්, රුසියාව උත්සාහ කලේ වෙළෙඳපොළ ධනවාදය මත පදනම්වූ ආර්ථිකයක් නැංවීම වුවද, බොහෝ විට ලද ප්‍රතිඵල වේදනාකාරී විය. නව සහස්‍රෙයහි පටන්, එහි ප්‍රමුඛ නායකයා වූයේ ව්ලැඩීමිර් පූටින් විය. අද දිනයෙහි පවා, රුසියාවෙහි දේශපාලනික සංස්කෘතිය සහ සාමාජීය ව්‍යුහය, එහි සාර්වාදී සහ සෝවියට් යුගයෙහි බොහෝ අඛණ්ඩතාවයන්හී සලකුණු පෙන්නුම් කරයි.

3.1999 ජන 01 දා ලොව රටවල් 11ක් පොදු මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතය ආරම්භ කරන ලදි.

2002 ජනවාරි 1දා සිට යුරෝ නෝට්ටු හා කාසි හඳුන්වා දෙන ලදි.

යුරෝපා සංගමයට අයත් රටවල් මෙම තීරණයට එළඹ තිබිණි.

මෙම ලිපිය යුරෝපා සංගමය හා  බ්‍රිතාන්‍යය ඉන් ඉවත් වීම අලලා අන්තර්ජාලයේ පළවූවකී.

යුරෝපා සංගමය (European Union – EU)
යුරෝපා සංගමය යනු රටවල් 28කින් යුත් දේශපාලන – ආර්ථික සංගමයක් වන අතර, එය වර්ග කිලෝ මීටර් 43,24,782ක භූමියක් පුරා ජනගහනය මිලියන 508කින් සමන්විත වූවකි. යුරෝපා සංගමයේ මුළු ආර්ථිකය ඇමෙරිකන් ඩොලර් ටි‍්‍රලියන 19 ක් වන අතර, ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 37,852කි.

යුරෝපා සංගමයේ ආරම්භය 1948 දක්වා අතීතයට දිව යයි. දෙවැනි ලෝක යුද්ධයෙන් සහමුලින් ම විනාශ වූ යුරෝපය තුළ එවැනි ගැටුමක් නැවත ඇති වීම වැළැක්වීමට ඇති ක‍්‍රමයක් ලෙස හඳුනා ගත්තේ යුරෝපා රටවල් විවිධ ආකාරයෙන් ඒකාබද්ධ කිරීමයි. 1948දී හේග් සමුළුව මඟින් මෙම අදහස පිළිගත් අතර, එහි දී
I. අන්තර්ජාතික යුරෝපියානු ව්‍යාපාරය (European Movement International)
II. යුරෝපා විද්‍යාලය (European College) නම් ආයතන දෙක ඇති කරන ලදී.
යුරෝපා විද්‍යාලයේ අරමුණ වූයේ යුරෝපයේ අනාගත නායකයන් එක ම පාසලක් තුළ අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමයි.

1952දී යුරෝපා ගල් අඟුරු සහ වානේ ප‍්‍රජාව (European Coal and Steel Community) නම් සංවිධානය බිහි වූ අතර, එය යුරෝපා මට්ටමින් ගල් අඟුරු සහ වානේ කර්මාන්තකරුවන්ගේ සංගමයක් විය.

1957 රෝම ප‍්‍රඥප්තිය
ඉතාලිය, බෙල්ජියම, ප‍්‍රංශය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය හා බටහිර ජර්මනිය යන රටවල් එක් වී රෝමයේ දී රෝම සම්මුතියට අත්සන් කළ අතර, එමඟින්;
I. යුරෝපීය ආර්ථික ප‍්‍රජාව (European Economic Community – EEC)පි්හිටුවීම හා එම කලාපය රේගු බදුවලින් තොර කලාපයක් කිරීම.
II. යුරෝපා පරමාණුක බලශක්ති ප‍්‍රජාව (European Atomic Energy Community-Euratom)

සංවිධාන බිහි විය.

1967 මර්ජර් ගිවිසුම
1967 ජුලි මස 01 වැනි දින මර්ජර් ටී‍්‍රටි (ඵැරටැර ඔරු්එහ* ගිවිසුම මඟින් මෙම ප‍්‍රජාවට අයත් රටවල්වලට පොදුවේ බලාත්මක වන යුරෝපා මට්ටමේ ආයතන තුනක් පිහිටුවන ලදී. එමඟින්;
I. යුරෝපා කොමිසම
II. යුරෝපා කවුන්සිලය
III. මෙමඟින් මීට පෙර පිහිටුවා තිබූ Euratom පරමාණුක බලශක්ති ප‍්‍රජාව හා ගල් අඟුරු හා වානේ ප‍්‍රජාව යන ආයතන නියෝජනය කිරීම පවරන ලදී. නූතන යුරෝපා සංගමයේ මූලික ලක්‍ෂණ කැටි කර ගත් ප‍්‍රධාන ගිවිසුම වූයේ මෙම මර්ජර් ටී‍්‍රටි (Merger Treaty) ගිවිසුමයි.

1973දී ඩෙන්මාර්කය ද (ගී‍්‍රන්ලන්තය සමඟින්) බි‍්‍රතාන්‍යය ද, අයර්ලන්තය ද එක් වූ අතර, යුරෝපා සංගමය සමඟ එක් වීමට 1979දී පැවැති ජනමත විචාරණයෙන් නෝර්වීජියානු ජනතාව එය ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා නෝර්වේ යුරෝපා සංගමයට ඇතුළු වීම වළකන ලදී.

1979දී යුරෝපා පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් පත් කිරීම සඳහා ප‍්‍රථම මැතිවරණය පවත්වන ලදී.

1981දී ගී‍්‍රසිය ද, 1986දී පෘතුගාලය සහ ස්පාඤ්ඤය ද යුරෝපා සංගමය සමඟ එක් විය. 1985දී ‘ෂෙන්ගන් ගිවිසුම’ (Schengen Agreement) මඟින් යුරෝපීය සංගමයේ රටවල් අතර ගමන් බලපත‍්‍ර රහිතව ගමන් බිමන් සිදු කිරීමට නීති සකසන ලදී.

1986දී යුරෝපා කොඩිය ද, මූලික යුරෝපා සංගම් පනත් ද නීතිගත කරන ලදී.

1992 මැස්ටි‍්‍රච්ට් ගිවිසුම
1992 නොවැම්බර් මස 01 වැනිදා අත්සන් කරන ලද මෙම ගිවිසුම මඟින් යුරෝපා සංගමය නැවත පුළුල් කොට පිහිටුවන ලදී. 1995දී ඔස්ටි‍්‍රයාව, පින්ලන්තය හා ස්වීඩනය ද යුරෝපා සංගමයට එක් විය.

2002 සිට රටවල් 12ක ජාතික මුදල් ඒකක අහෝසි කොට යුරෝ මුදල් ඒකකය භාවිතය හඳුන්වා දෙන ලදී.

2004දී රටවල් 19ක් ද, 2007දී රුමේනියාව හා බල්ගේරියාව ද යුරෝපා සංගමයට එක් විය.

1993 කෝපන්හේගන් නිර්ණායක
සමාජවාදී කඳවුර බිඳ වැටීමත්, ලෝකය තුළ තම ආධිපත්‍යය සෘජුව හා වේගයෙන් පැතිරවීම අරමුණු කර ගනිමින්, කෝපන්හේගන් හි දී යුරෝපා සංගමයේ සාමාජික රටවල් බැඳී සිටින දේශපාලන හා ආර්ථික කොන්දේසි අධිරාජ්‍යවාදී වුවමනාවන්ට ගැලපෙන ලෙස යළි සකස් කර නීතිගත කරන ලදී. එහි දී සාමාජික රටවල් සියල්ල වෙළෙඳපොළ ආර්ථිකය හා ප‍්‍රාග්ධන වුවමනාව උපරිම අයුරින් රැුකෙන ආකාරයට තම නීතිරීති, පාලන රටාව හා ආර්ථිකය සකස් කර ගත යුතු වන නිර්ණායක ඇතුළත් කරන ලදී.

නිර්ණායක (භූගෝලීය) : යුරෝපීය භූමි ප‍්‍රදේශය තුළ හා යුරෝපා අසල්වැසි ප‍්‍රතිපත්ති රාමුව (ENP) යටතට ගැනෙන ප‍්‍රදේශයක පිහිටි රටක් විය යුතු ය.
දේශපාලන කොන්දේසි :
I. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විය යුතු ය.
II. ඡුන්ද අයිතිය සියලූ දෙනාට ම හිමි රහස්‍ය ඡුන්ද ක‍්‍රමයක් තිබිය යුතු ය.
III. බහු පක්ෂ දේශපාලන ක‍්‍රමයක් තිබිය යුතු ය.
IV. වෘත්තීය සමිති පිහිටුවීමේ බලය තිබිය යුතු ය.
V. විධායක බලතල සීමා කෙරෙන නීති තිබිය යුතු ය.
VI. නිදහස් මාධ්‍ය තිබිය යුතු ය.
VII. අධිකරණය ස්වාධීන වීම හා විනිශ්චයකරුවන් ස්වාධීනව පත් විය යුතු ය.
VIII. මානව හිමිකම් ආරක්‍ෂා වන නීතිරීති තිබිය යුතු ය.
IX. සුළු ජාතිකත්වයන් ආරක්‍ෂා කරන නීතිරීති ප‍්‍රබල හා ශක්තිමත් විය යුතු ය. ඔවුනගේ දේශපාලන, සංස්කෘතික, භාෂාමය අයිතීන් ආරක්‍ෂා වන නීති තිබිය යුතු ය.

ආර්ථික කොන්දේසි :
I. හොඳින් කි‍්‍රයාත්මක වන වෙළෙඳපොළ ආර්ථිකයක් තිබිය යුතු ය.
II. එම රටේ නිෂ්පාදකයන්ට වෙළෙඳපොළ බලවේගවල තෙරපුමට හා තරගයට ඔරොත්තු දීමට හැකි විය යුතු ය.
III. අවශ්‍ය විට ‘යුරෝ’ මුදල් ඒකකයට පරිවර්තනය වීමට හැකි විය යුතු ය.

වත්මන් යුරෝපා සංගමයේ ප‍්‍රධාන ආයතන :
1. යුරෝපා කවුන්සිලය. (යුරෝපා රාජ්‍ය නායකයන්ගෙන් සමන්විත ඒකකය. ඉහළ ම බලතල ඇති ආයතනය.)
2. යුරෝපා පාර්ලිමේන්තුව.
3. යුරෝපා කොමිසම.
4. යුරෝපා අධිකරණය.
5. යුරෝපා මහ බැංකුව.
6. යුරෝපා විගණන කොමිසම.
7. කවුන්සිලය (විෂය භාර ඇමතිවරුන්ගෙ න් සමන්විත ඒකකයකි.) ප‍්‍රධාන ආයතන මෙන් ම තවත් යුරෝපියානු මට්ටමේ ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටුවා ඇත.
1. යුරෝපා හමුදාව.
2. යුරෝපා පොලිසිය.
3. යුරෝපා සිවිල් සේවය.
4. යුරෝපීය තරුණ කටයුතු ආයතනය.
5. යුරෝපීය ආයෝජන බැංකුව.

යුරෝපා සංගමය හා අධිරාජ්‍යවාදී භූමිකාව :
යුරෝපා සංගමයේ ආරම්භය ම ප‍්‍රධාන යුරෝපීය සමාගම්වලට යුරෝපීය භූමිය තුළ තම භාණ්ඩ හා සේවාවන් වෙළෙඳ හෝ වෙනත් බාධකවලින් තොරව අලෙවි කිරීම පහසු කිරීම අරමුණු කරගෙන පිහිටවූවක් බව පෙනේ.
එසේ වුව ද, යුරෝපා සංගමය පූර්ණ වශයෙන් අධිරාජ්‍යවාදී තනි බල කඳවුරක් හා ඒකාධිකාරී ප‍්‍රාග්ධන හිමියන්ගේ වුවමනාව සෘජුව නියෝජනය කිරීමට හැකි වන අයුරින් යළි සකසනු ලැබුවේ 1993න් පසුව ය.

මෙමඟින් යුරෝපා සංගමය තුළ පිහිටි රටවල ස්වෛරීත්වය දුර්වල කරමින්, ජාතික නීතිරීති අඩපණ කරමින්, යුරෝපීය සංගමයේ අධිකාරීත්වය රටවල් මත පැටවීමත්, ජාතික නීතිරීති අභිභවා යුරෝපීය නීතිරීති බලපැවැත්වීමත් සිදු විය.
විශේෂයෙන් ම බලවත් යුරෝපා රටවල් වන ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය හා බි‍්‍රතාන්‍යය ආදී රටවල මහා පරිමාණ ඒකාධිකාරී සමාගම්වල වුවමනාව මත සියලූ ම නීතිරීති සකස් කෙරෙන තත්ත්වයකට යුරෝපා සංගමය මේ වන විට පත් වී තිබේ.

යුරෝපා සංගමයට ඇති ප‍්‍රධාන චෝදනා :
1. අධිරාජ්‍යවාදී කඳවුරක් ලෙස කි‍්‍රයාත්මක වීම.
2. රටවල ජාතික ස්වෛරීත්වය අහිමි කරමින්, යුරෝපීය අධිකාරීත්වය ඇති කිරීම.
3. ජාතික ආර්ථිකය බිඳ දැමීම.
4. සංක‍්‍රමණික ගැටලූව.
5. වෙනත් රටවල ගැටලූවලට තමන්ට කරදර විඳීමට සිිදුව ඇතැයි යන ආකල්පය.
6. ඇමෙරිකා එක්සත් ජනපද වුවමනාවන්ට යුරෝපය බිලි දීම නිසා අයි.එස්.අයි.එස්. හා සංක‍්‍රමණික ගැටලූවලට යුරෝපයට මුහුණ දීමට සිදු වීම.
7. අති විශාල ධනයක් යුරෝපීය ආයතන පවත්වාගෙන යාමට වියදම් කිරීමට සිදු වීම.
8. දකුණු හා නැෙඟනහිර යුරෝපීය රටවල කර්මාන්ත, කෘෂිකර්මාන්ත යනාදිය වඩා දියුණු බටහිර යුරා්පා රටවල් විසින් සම්පූර්ණයෙන් ම ගිල ගැනීම.
9. දේශීය අවශ්‍යතා නොසලකා සංගමයේ අවශ්‍යතා පරිදි කටයුතු කිරීමට සිදු වීම.
10. ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමා ඡන්දය දෙන අය හරහා නොව වෙනත් පිරිසක් අතට පත් වීම.

බි‍්‍රතාන්‍යය හා යුරෝපා සංගමය :
බි‍්‍රතාන්‍යය යුරෝපා ආර්ථික ප‍්‍රජාවේ (EEC) සාමාජිකත්වය ලැබුවේ 1973 ජනවාරි 01 වැනිදා වන අතර, එවිට යුරෝපා සංගමය වත්මන් අයුරින් පිහිටුවා නොතිබිණි. ඒ මොහොතේ ද බි‍්‍රතාන්‍යය තුළ මෙම එක් වීමට එරෙහිව මතයක් තිබූ අතර, එනිසා ම 1974දී බලයට පත් කම්කරු පක්‍ෂ ආණ්ඩුව බි‍්‍රතාන්‍යයේ මෙම EEC සාමාජිකත්වය පිළිබඳව යළි සාකච්චා ආරම්භ කරන ලදී. ඒ අනුව 1975 ජුනි මස 05 වැනිදා බි‍්‍රතාන්‍යය තුළ ජනමත විචාරණයක් පවත්වන ලදී.

එහි දී ඇසූ ප‍්‍රශ්නය වූයේ ‘බි‍්‍රතාන්‍යය යුරෝපා පොදු වෙළෙඳපොළ තුළ රැුඳී සිටිය යුතු ද? නැද්ද?’ යන්න ය. කෙසේ වුව ද, මෙම ජනමත විචාරණයෙන්;
රැඳී සිටීමට පක්‍ෂව ඡන්ද 1,73,78,581 – 67%ක් ද,
රැඳී සිටීමට විරුද්ධව ඡුන්ද 84,70,073 – 31.8%ක් ද
ලබා දීමෙන් බි‍්‍රතාන්‍යය ඊ.ඊ.සී.ය තුළ රැඳී සිටීම අනුමත කරන ලදී.

ඒ අනුව ක‍්‍රමක‍්‍රමයෙන් බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ සියලූ ම ආයතන තුළ නියෝජනය
වූ නමුත්, 2000දී යුරෝ මුදල් ඒකකය භාවිත කිරීම පිළිබඳ කරුණේ දී බි‍්‍රතාන්‍ය පවුම දිගට ම තබා ගැනීමට බි‍්‍රතාන්‍යය තීරණය කරන ලදී.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම :
ජුනි 23 වැනිදා පැවැති ජනමත විචාරණය වසර ගණනාවක් තිස්සේ බි‍්‍රතාන්‍යය තුළ ගොඩනැෙඟමින් තිබූ යුරෝපා සංගම් විරෝධය නිසා පැවැත් වූ ජනමත විචාරණයකි. ජනමත විචාරණයේ දී යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට පක්‍ෂව
1. එරට ප‍්‍රධාන සමාගම්.
2. ප‍්‍රධාන රූපවාහිනී හා මාධ්‍ය ආයතන.
3. බි‍්‍රතාන්‍ය පාලක කන්සර්වේටිව් පක්‍ෂය.
4. බි‍්‍රතාන්‍ය විරුද්ධ පක්‍ෂය වන කම්කරු පක්‍ෂය.
5. හරිත පක්‍ෂය.
6. ස්කොට්ලන්ත සහ අයර්ලන්ත පක්ෂවද කටයුතු කළ අතර,

⋆ නාගරික උගත් තරුණ කණ්ඩායම්.
1. බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිති.
2. කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු වාමාංශික කණ්ඩායම්.
3. ජාතිකවාදී කණ්ඩායම් සහ පක්‍ෂ.
4. සංක‍්‍රමණික විරෝධී කොටස්.
විරුද්ධවද කටයුතු කළේය.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී
සිටීමට පක්‍ෂව විශාල දේශපාලන මෙහෙයුම් ද, බියවැද්දීම් ආදිය ද සිදු කළ අතර, ඉවත් විය යුතු ය යන මතය ප‍්‍රධාන වශයෙන් ම ජනතා ව්‍යාපාරයක් ලෙස සකස් වී තිබිණ.

http://leftlibrary.net/2017/04/%E0%B6%B6%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%9C/

4. 1993 දී චෙකෝස්ලොවැකියාව සාමකාමී ලෙස චෙක් හා ස්ලෝවැක් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කෙරිණී.


Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s