සංස්කාරක සටහන      මංගල කලාපය –          පිටුව 1(issue no 1-page 1)

සංස්කාරක සටහන

සිංහල ඉංග්‍රීසි ළමා සඟරාව නමින් විද්‍යුත් සඟරාවක් එළිදක්වන්නට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් කොට සලකනවා.

මෙවන් සඟරාවක් එළිදැක්වීමේ දී මෙහි ස්වරෑපය කවරාකාර විය යුතුදැයි මා බොහෝ කල්පනා කළා.ආරම්භයේ දී මා අදහස් කළේ මෙය පරිවර්තන ලිපි හා චිත්‍රකතා පමණක් ඇතුළත් සඟරාවක් ලෙස පවත්වාගෙන යන්නයි.නමුත් විද්‍යුත් මාධ්‍යයක් ඊට වඩා පුළුල් ආකාරයකට හැසිරවිය හැකි යැයි මා අදහස් කළා.එබැවින් මා තීරණය කළා මෙම සඟරාව මා සතුව ඇති සිංහල හා ඉංග්‍රිසි පුවත්පත් සඟරා,අන්තර්ජාලය හරහා බාගත කරගත් ග්‍රන්ථ හා චිත්‍රකතා සහ මා විසින් ළමා පුවත්පත්වලට සැපයූ ලිපි ආදියෙන් ද මේ සඟරාව හැඩ කළ යුතුයි කියා.ඒ අනුව මෙය සිංහල ඉංග්‍රීසි ළමා සඟරාව බවට පත් වූවා.

සඟරා පුවත්පත්වලින් බහු කාර්ය දුරකතන හා ඩිජිටල් ලෝකයට සංක්‍රමණය වූ සංක්‍රාන්ති සමයේ අතරමැදියන් වූ අපට මේ දෙකේම ගැටෙමින් ලෝකය ජයගන්නේ කෙසේදැයි සොයන්නට සිදුවුණා.අප දැන් උත්සාහ කරන්නේ මේ දෙක අතර පාලමක් තනන්නටයි.

අතීතකාමයෙන් පිරුණු අපේ සිත් තවමත් අපේ සුන්දර ළමා වියේ සැරිසරනවා.නමුත් අපේ දරුවන්ට ඒ සොඳුරු ළමා විය උරුම නැහැ.අපට අතීතයට යන්නට හැකියාවකුත් නෑ.අතීතය මෙහෙමයි කියා ඔවුනට පෙන්වා දෙන අතරම ඔවුන්‍ දැනුමෙන් සන්නද්ධ මිනිසුන් කරවීම තමයි අපට කළ හැක්කේ.

සමාජය මිනිස්කම් අතින් පිරිහී යන කාලයක දෙමවුපියන් කළ යුත්තේ තමන් ද යහමඟ ගොස් තම දරුවන් යහමඟට යොමුකරවීම බව සංස්කාරකගේ විශ්වාසයයි.

එබැවින් මේ කාරණා සඳහා අත්වැලක් වශයෙන් දැයේ දරුවන්‍ දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා අත්හදාබැලීමක් ලෙස මෙතැන් පටන් මේ සඟරාව එළිදකිනු ඇති.එහි ස්වරූපය ඔබට ඉදිරියේ දී අවබෝධ වනු ඇති.

මෙම සඟරාවේ පළ කරන ලිපි සමහර ඒවා පැරණි පුවත්පත්වල පළ වූ ඒවා නිසා ඒවා මගින් කිසිවෙකුට හෝ ආයතනයකට හානියක් සිදුවේ නම් ඉක්මනින් මාවෙත දන්වන මෙන් ඉල්ලා සිටිනවා.

එසේ ම තවත් යමක් මෙහිලා මතක් කරන්නට කැමතියි.අන්තර්ජාලය පිරික්සා බැලීමෙන් පසු ඔබට කරුණු සොයාගන්නට වුවමනා වූ ව්විධ විෂයයන් සඳහා ඉංග්‍රීසි ලිපි පොත පත ඕනෑ තරම් හමුවේවි.නමුත් සිංහල අංශයෙන් නම් තවමත් අන්තර්ජාලය එතරම් පොහොසත් නොවන බවයි මගේ අදහස.මා කුඩා කළ පටන් එකතු කරගත් විවධ සඟරා පොත්පත්වල ලිපි මෙහි පළ කරන්නට එයද එක් හේතුවක්.

විජය,මිහිර,හපනා,සමතා,බින්දු,සමුදුර,සක්වල,ලංකාදීප,දිනමිණ,දිවයින,සිළුමිණ,ක්‍ර්‍රීඩා,Enjoy English,රාවය,රිවිර,ඉරිදා,පෙරමුණ,ඉරුදින ,බුදුසරණ ආදී විවිධ පත්තර එකතුවක්ද මුතුහර,මනහර,දෙසතිය,නවයුගය,සිව්දෙස,කල්පනා,කැමරා,ක්‍රිකට් ලොව ආදී විවිධ සඟරා එකතුවක් ද විවිධ විෂයයන් අළලා ලියැවුණු ග්‍රන්ථ එකතුවක් ද මා සතුව තිබෙනවා.දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර වේයන්ගේ හා කාවුන්ගේ අතවරයට ලක්වීමෙන් ද ඉල්ලා ගත් පසු නැවත ලබා නොදෙන්නන් නිසාවෙන් ද දැනටමත් ඉන් බොහොමයක් මා වෙතින් සමුගෙන.එනිසා ඒවා හැකි ආකාරයෙන් සංරක්ෂණය කර ගන්නත් මා උත්සාහයක් දරනවා.

Smart phone එකකට බාගත කරන ලද cam scanner නම් පුංචි app එකක් මගින් මෙම පරණ සඟරා scan කරගන්නා අතර ඔබටත් හැකියාවක් තිබේ නම් ඒ ආකාරයෙන් ඔබේ දායකත්වය ද සිංහල ඉංග්‍රීසි ළමා සඟරාව වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.එසේ ම ඔබේ අදහස්  යෝජනා හා විවේචන සංස්කාරකවරයා අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා.

ඉතින් මා ආරාධනා කරනවා තනි මිනිසකුගේ මේ උත්සාහය කොතරම් දුරට සාර්ථක දැයි පිරික්සා බලන ලෙස.

මීට 

ඔබේ හිතවත් 

සංස්කාරක

Advertisements

2 thoughts on “සංස්කාරක සටහන      මංගල කලාපය –          පිටුව 1(issue no 1-page 1)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s