රොබින්හුඩ් (Robinhood)   කලාපය 1 පිටුව 2  

රොබින්හුඩ්.(Robinhood)

රොබින්හුඩ් කතාමාලාව බාලමහලු තරුණ කා අතර කවදාත් ජනප්‍රිය කතා මාලාවක්.එය අපේ රටේ ජාතික රූපවාහිනියේ කිහිපවරක් ම විකාශනය වූවා.එස් ම එහි පැරණි කතා මාලාව මෙන් ම අලුත් කතා මාලාවක් ද විකාශනය වූවා.

රොබින්හුඩ් මුල් වරට මගේ ඇස ගැටුණේ විජය පුවත්පත් ආයතනය මගින් පළ කළ little star නම් ඉංග්‍රීසි පුවත්පතෙන්.එහි tarzan සහ robinhood චිත්‍රකතා ඉංග්‍රීසියෙන් පළවූවා. එම robinhood කතා මාලාව disney classics නම් කතා මාලාවක එක් කතාවක්.අන්තර්ජාලය පිරික්සා එම කතා මාලාව සොයා ගන්නට මා හට හැකි වුණා.

කෙසේ වෙතත් ඉන් පසු රොබින්හුඩ් මට හමුවුණේ විජය පත්තරේ ජයන්තා කුමාරි සමණබැද්ද මහත්මිය විසින් පරිවර්තනය හෝ අනුවර්තනය කරන ලද නවකතාව.එය මෑතක් වන තුරු පරෙස්සමෙන් තබා ගත්තත් නිවසේ සිටි බැළලිය පැටවුන් දමන්නට එම කතාව සහ තවත් පත්තර තිබූ පෙට්ටියකට රිංගා එය විනාශ කර දමා තිබුණා.නමුත් ඒවා කියවිය හැකි ආකාරයට  ඡායාගත කරගන්නට මට හැකිවුණා.

රොබින්හුඩ් නමින් වෙනමම ඉංග්‍රීසි  වෙබ් අඩවියක් පවතිනවා.

මෙම වෙබ් අඩවිවල සහ අන්තර්ජාලයේ නිතර කියැවෙන්නේ frank bellamy නම් චිත්‍රශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද රෙබින්හුඩ් චිත්‍රකතාව ඉතා පරිපූර්ණ එකක් බවයි.එය amazon වෙබ් අඩවිය හරහා මිලදී ගත හැකියි.කෙසේ වෙතත් බොහෝ පරිශ්‍රමයකින් පසු මෙම කතා මාලාව සොයා ගන්නට මට හැකිවුණා swift නමින් පළවුණු බ්‍රිතාන්‍ය ළමා සඟරාවෙන්.ඒ            වසරේ දී.මේ කතා මාලාවම ඉන්දියාවෙ පළවුණු chandamama සඟරාවේ පළ වී තිබෙනවා.swift සඟරාවේ හමු නොවුණු කලාපවල කොටස් එම chandamama සඟරාවලින් සොයාගන්නට මට හැකිවුණා.(මේ සඟරාව “හඳමාමා”නමින් සිංහලෙන් ද පළ වී තිබෙනවා ටික කලක්).ඉතින් මා අදහස් කළා එම කතා මාලාව සිංහල අනුවර්තනයක් සමඟ ඔබවෙත ගෙන එන්නට.එසේම විජය පත්‍රයේ පළවූ රොබින්හුඩ් කතාවත් අවසාන කොටස ඇතුළු කොටස් කිහිපයක් මා සතුව නොතිබුණත් ඔබේ රසවින්දනය උදෙසා ගෙන එන්නට.

එසේම රොබින්හුඩ් රූපවාහිනි කතාංගයේ චරිතම චිත්‍රයට නැඟූ චිත්‍රකතා පොතක් ද මෑතක දී මට හමුවුණා.එයද පෙර කී disney කතාංගයද ඉදිරියෙ දී ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

Advertisements

2 thoughts on “රොබින්හුඩ් (Robinhood)   කලාපය 1 පිටුව 2  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s